වේලාව රාත්රී අටයි. එහෙමයි ඔරලෝසුවේ පෙන්නන්නෙ.. ඒ පුද්ගලයා දැන් කොයි මොහොතේ හෝ පැමිණිය යුතුයි.ඒ හිස් නිවසේ ඉඳගෙන සිටි Yibo ට ඔරලෝසුවේ ටික් ටික් නාදය පැහැදිලිව ඇසුණේ ය. එය ඔහුගේ හදවත වගේමයි. ඔහුගේ හිතේ වෙන කිසිම දේකට ඉඩක් නැත. ඒ පුද්ගලයා මේ දැන් පැමිණිය හැකි බව පමණක් එහි රජ කරන්නේ ය. ඉතින් ඒ හැඟීම පැහැදිලිය.. ඝෝෂාකාරී ය.
" ඩහ් "
දොරට එළියෙන් යම් ශබ්දයක් ඔහුට ඇහුනේ ය. එයා ද? ඒ පුද්ගලයා ඇවිත් ද? ඔහුගේ හදවත රේස් තබන්නට විය. පුටුවෙන් නැගිටපු ඔහු දොර වෙත ඇවිද ගියේය. ඔහු ඉක්මන් කළේය. ඒ පුද්ගලයාට දොර ඉදිරියේ බලා සිටීමට ඉඩ දීමට ඔහුට ඕනෑ වුණේ නැත. තත්පර දහයකට වත් එය කිරීමට ඕනෑ වුණේ නැත.
ඔහු වේගයෙන් ගැහෙන හදවතක් සමග දොර විවෘත කළ ද එහි කිසිවෙක් සිටියේ නැත. රාත්රී සීත සුළඟ පමණයි. නිවස ඉදිරියේ වූ විශාල ගස එහාට මෙහාට හරවමින් පාලනය කළ සීත මාරුතය පමණයි.
ඒ පුද්ගලයා තව ම පැමිණ නැත. ආහ් !... ඔහු තවම මෙහි පැමිණ නැත. ආහ්! දෙවියන්ට ස්තුති වේවා ඔහු තව ම පැමිණ නැත...
හැමදාම රාත්රී 08 ට සිදුවන්නේ මෙයයි. මෙය ආරම්භ වන්නේ හවස හතරට හෝ පහටයි. රාත්රී 08:00 වීමට තව ඉතිරිව ඇති පැය ගණන ගණන් කිරීමට ඔහු පටන් ගන්නේ එවිටයි.
විනාඩියෙන් විනාඩිය ගතවන විට ඔහුගේ හිතේ අදහසින් අදහසට නිශ්ශබ්ද වන්නට පටන් ගන්නේය. රාත්රී 7:00 පසු වූ පසු ඔහුට අන් කිසිම දෙයක් කිරීමට නොහැක. අන් කිසිම දෙයක් සිතීමට නොහැක. ඔහු කරන්නේ සාලයට වී ඒ පුද්ගලයා එනතුරු බලා සිටීම පමණි.
ඔහුට සාලයට වී බලා සිටීමට අනිවාර්යයෙන්ම සිදුවේ. ඒ පුද්ගලයා වෙනුවෙන් ඔහු වහාම දොර ඇරිය යුතුයි. එහෙම නැත්තං ඒ පුද්ගලයා කෝප ගත හැක.
හැමෝම මෙහෙමද? හැම සබඳකමක් ම මෙහෙමද? අනිත් කෙනාගෙ පැමිණීම ඔබව බය කරනවද? අනික් කෙනාගේ පැමිණීම ඔබ විශේෂයෙන්ම ද සූදානම් විය යුතු ලොකු රාජකාරියක් සේ දැනෙනවා ද?
Yibo මෙවැනි දේවල් හිතන්නේ නැත. ඔහු කවදාවත් තමාගේ සම්බන්ධකම ප්රශ්න කරන්නේ නැත. ඔහු දන්නවා එයට ඔහුට අයිතියක් නැහැ කියලා.
YOU ARE READING
Xiao Zhan ( සිංහල Version )
FanfictionWang Yibo ට ආදරය කරන්නේ කවුද ? Xiao Zhan ද? නැත්නම් වෙන කෙනෙක්ද?.. ⚠️ මෙය boy love කතාවකි. අකැමැති නම් කියවන්න එපා. ⚠️ Untamed Fanfiction. ⚠️ Zhanyi ⚠️ මගෙ හිතේ ඇදුණු කතාවක් පමණි.