Xiao Zhan 6 කොටස

560 77 36
                                    


එය රාත්‍රියේ අටයි. ඔරලෝසුවේ පෙන්වන්නේ එයයි. ඒ හිස් නිවසේ Yibo ට ඔරලෝසුවේ ටික් ටික් නාදය පැහැදිලිව ඇසුණි. සාලේ පුටුවක් මත හිඳගත් Yibo ඔරලෝසුව දෙසම බලා සිටියේය.

අර පුද්ගලයා අද පරක්කුයි.

" ඩහ් "

Yibo ට එළියෙන් ශබ්දයක් ඇසුනේ ය. ඔහු ඇවිත් ද?. Yibo හනික දොර වෙත ඇවිද ගියේය. ඔහුට තප්පර දහයක් වත් පරක්කු වෙන්නට ඕනෑ වුණේ නැත.

දොර විවෘත කළ ඔහු කිසිවක් දුටුවේ නැත. කිසිවෙක් දුටුවේ නැත. කවුරුත් දොර ඉදිරියේ සිටියේ නැත. රාත්‍රියේ සීත මාරුතය පමණයි.

ඔහු තවම පැමිණ නැත. ආහ්... තවමත් පැමිණ නැත.. ආහ්.මගුල!. ඇයි තවම ආවෙ නැත්තෙ?. අටට එනවා කිව්වම අටට එන්න ඕනේ.. මනුස්සයෙක් උනහම ටයිම් එකට වැඩ කරන්න ඉගෙන ගන්න ඕන.. දැන් බලන්න වෙලාව කීයද කියලා.. 08.01 යි. තත්පර හැටක් ම පරක්කුයි . ඒ කියන්නේ මිලි තත්පර 60,000. එසේ මෙසේ ගානක් ද ඒක?...

Yibo දොර වැසීමට සූදානම් විය. නමුත් ඔහුට කාර් රථයක නාදය ඇසුණේය. ඔන්න පැමිණ ඇත.

උස මිනිසෙක්.. සුදු පැහැති හමකට කළු හිසකේ වලට උරුමකම් කී මිනිසෙක්... තොල යට ආකර්ෂණීය ලපයක් තිබූ මිනිසෙක්.. Xiao Zhan.. ඔහුගේ ස්වාමිපුරුෂයා..

මේ මිනිසා දිග අඩි තියමින් ඇවිද්දේය. අඩි කීපයකින් දොර ළඟය. Yiboව දුටු පලමු මොහොතේම ඒ මුහුණේ ලොකු හසරැල්ලක් ඇදුනේය.

Yibo ඔහුව වැළඳ ගැනීමට පැමිණ විට ඔහු ද Yibo තම පපුව මතට ඇද ගනිමින් හිස මත හාදුවක් තැබුවේය.

" රත්තරන්, ආයෙ දොර ඇරගෙන ඉන්න එපා. මම ඇවිත් තට්ටු කරන කං ඉන්න. රෑට සීතලයි නේ. "

" හරි " Yibo පිළිතුරු දුන්නේ ඊළඟ දින ද ඔහු මේ දේම කරනා බව හොඳින්ම දැනගෙනයි. ඒත් Xiao Zhan ට වෙහෙසයි. ඔහුට ඉක්මනින්ම විවේක ගැනීමට දෙන්න Yibo ට ඕනෑ විය. ඉතින් බොළඳ ආරවුල් ඔහු කල් දැමුවේය.

මොවුන් දෙදෙනා ඔවුන්ගේ කාමරය වෙත ඇවිද ගියෝය.

නා ගැනීම සඳහා Xiao Zhan ඇඳුම් ගලවන්නට විය. Yibo ඔහුගේ කෝට් එක ගැලවීමට උදව් කළේ ය.

" මං කර ගන්නම් මැණික. මම දවසම එළියෙ හිටියේ. ඇඟ පුරා විෂ බීජ. මං කර ගන්නම්. "

Xiao Zhan ( සිංහල Version )Where stories live. Discover now