Xiao Zhan 4 කොටස

364 69 6
                                    


" Xiao Zhan " Yibo ඔහුගේ නම ඇමතුවේ කෙඳිරීමකිනි.

Xiao Zhan සිනාසුනේය.

" රත්තරන්.. ඔයා ඇවිත්. "

" ඇයි? ඇයි ඔයා මට කිව්වේ නැත්තේ? ඇයි ඔයා මට කිව්වේ නැත්තේ ඔයයි Xiao Zhan කියලා? "

" මම දැනටමත් ඔයාට කිව්වා රත්තරන්.. මම ඔයාට කිව්වා ඔයයි මගේ ඔක්කොම කියලා. ඔයයි මගේ ජීවිතේ කියලා. මම කිව්වා ඔයයි මම ආදරය කරන කෙනා කියලා.
ඉතින් එයාගෙ Wang Yibo නෙවේ නම් Xiao Zhan වෙන කාට ආදරේ කරන්න ද ? "

" ඒත්... ඒත්... " Yibo ගොත ගැසුවේය.

" ඒත් ඇයි.... ඇයි ඔයා මට කිව්වේ නැත්තේ ගෙදර ඉන්න... නෑ.. ඒ තැන ඉන්න මිනිහා Xiao Zhan නෙවෙයි කියලා? "

Xiao Zhan නැවතත් සිනාසුනේය.

" මොකද ඒක අදාල නෑ.. එයා Xiao Zhan ද නැද්ද කියන එක අදාළ නෑ.

රත්තරන්. ඔයා ගොඩාක් වටිනවා. ඔයා තෑග්ගක්.. ඔයා ලැබිය යුත්තේත් ඔයාට ඒක හැමදාම කියන කෙනෙක්. ඔයා එයාට කොච්චර වැදගත් ද කියලා හැමදාම ඔයාට මතක් කරන්න කෙනෙක්.

මට ඕන වුණා උනා ඔයාට ඒ දේ ඔයා විසින්ම තෝරා ගන්න දෙන්න.
එයා Xiao Zhan නොවෙන නිසා නෙමෙයි. එයා ඔයාව ලබා ගන්න තරම් සුදුසු නැති නිසා..
එයා Xiao Zhan නොවෙන නිසා නෙමෙයි. ඔයා මේ ලෝකෙ තියෙන උපරිම ආදරය ලබන්න සුදුසු නිසා. "

Xiao Zhan ට ඇහුම්කන් දෙමින් Yibo ඉකි බිඳින්නට විය.

Xiao Zhan ඔහුට තව ළං වූයේ අර කඳුළු ඉවත් කිරීමේ අරමුණෙනි. නමුත් ඔහුව ස්පර්ශ කිරීමේ හැකියාව Xiao Zhan ට තිබුණේ නැත.

"රත්තරන්.. මං දිහා බලන්න.. ඔයාගේ Xiao Zhan දිහා බලන්න. "

තවත් හඬමින් Yibo හිස එසවූයේය.

" ඔයා මට දෙයක් පොරොන්දු වෙන්න ඕනේ.. "

Yibo බලා සිටියේය.

" මට පොරොන්දු වෙන්න ඔයා ආයේ ඔයාගේ ආදරේ දෙන්නේ ඔයාව ලබා ගන්නා සුදුසු කෙනෙක්ට විතරයි කියලා.

ඔයාගේ හදවත හැමදාම අමුතු විදිහකට ගස්සන කෙනෙක්....
ඔයාව ආරක්ෂිතව තියාගන්න කෙනෙක්...
ඔයාට මේ ලෝකෙ තියෙන ලස්සනම වචන ඇහෙන්න ඉඩ සලස්වන කෙනෙක්...
ඔයාට මේ ලෝකෙ තියෙන ලස්සනම දේවල් පෙන්නන කෙනෙක්....

Xiao Zhan ( සිංහල Version )Where stories live. Discover now