Xiao Zhan 2 කොටස

442 69 7
                                    


මොකක්ද එයා කිව්වේ? ආදරය? ඒත් එයාට ආදරේ ලබන්න අවසර තියෙනව ද? ආදරේ ලබන්න එයා සුදුසුද? ඔවුන් පවසන්නේ සියලු දෙනාම ආදරය ලබන්න සුදුසු බවයි. ඒත් ඒ නියමය ඔහුට අදාළ ද?

නිධානය.. තෑග්ග... ඔහුගේ සියල්ලම..... මෙවන් වදන් තමා විස්තර කිරීමට පාවිච්චි කළ හැකි බව වත් Yibo සිතා තිබුණේ නැත. ඒ වදන් ඔහුට ඇසුන පලවෙනි වතාව මෙය වුවද ඒවා ඔහුගේ කනට හොඳින් ගැලපුණේ ය. හරියට ඔහු ඒවා එකම මිනිසාගෙන් වසර ගණනාවක් අසා තිබුණා වැනිය.

Yibo මේ වදන් විශ්වාස කළේ නැති වුණත් ඒවායේ ගැබ්ව තිබූ අවංකත්වය ඔහුගේ හදවතේ බිඳී තිබුණු කොටස් නැවත එකට අලවන්නට විය. ඔහුව සුව කරන්නට විය.

ඔහු නොදැනුවත්වම Yibo ඒ මිනිසා වෙතට අඩියක් තැබුවේය. ඒ අඩියත් සමග ඒ මිනිසා හුස්මක් ඇද ගත්තේ මරණයෙන් ඉවතට අඩියක් තැබුවේ තමා මෙනි.

" ඔව්.. ඔව් රත්තරන්.. මෙහාට එන්න... මං ළගට එන්න "

තවත් අඩියක්... ඒ මිනිසා වේගෙන් හිස හෙළුවේය. ඔහුගේ දෑත් තවත් ඈතට පලල් කළේය. ඒ මිනිසා නොසන්සුන් විය. හරියට Yibo ඔහුගේ දෑත් තුළට ගන්නා තුරු කිසිම දෙයක් හරියන්නේ නැති වා සේය.

තුන්වෙනි අඩිය.. . එයත් සමග Yibo ට තමාව නතර කර ගත නොහැකි විය. ජීවත්වීමේ ආශාව බලවත් විය. ඔහුට ජීවත්වීමට ඕනෑ කරන්නේය. ඒ මිනිසාගේ දෑත් තුළ සිටිය හැකිනම් තව විනාඩියක් වත් ජීවත්වීමට ඔහුට ඕනෑ කරන්නේය. ඒ නාදුනන පුද්ගලයාගේ දෑත් තුළ සිටිමට ඕනෑ කරන්නේ ය.

Yibo දිවීමට පටන් ගත්තේය. ඔහුගේ දෑත් මතට දිවීමට පටන් ගත්තේය.

ගැඹුරින් හුස්ම ගත් මිනිසා තව තවත් ආයාචනා කළේ ඔහු වෙතට එන ලෙසයි.

ඔවුන්ගේ සිරුරු අඟලක් ඈතින් පවතින විට ඔවුන් දෙදෙනාම දෑස් පියා ගත්තේ අවසානයේදී ඔවුන් දෙදෙනාවම බේරුණා ලෙසිනි. මෙතරම් කල් හුස්ම තද කරගෙන සිටි දෙදෙනෙකුට හුස්ම ගැනීමට ලැබුනා ලෙසයි.

Yibo ඒ දෑත් වල උණුසුම බලාපොරොත්තු විය. නොපැමිණි ඒ දෙයට ඔහු ආශා කළේය.

තම දෑස් විවෘත කළ Yibo තමා ඉදිරියෙන් දුටුවේ හිස් බව පමණි.

ඔහු කාගෙවත් දෑත් තුල සිටියේ නැත. කවුරුත් එතැන සිටියේ නැත. කවුරුත් ඔහුට ඉදිරියෙන් නොවුණේය. පිටුපසින් නොවුණේය. පැත්තෙන් නොවුණේය. ඒ පාලම මත කිසිවෙකු නොවීය. ඔහු හැර කිසිවෙකුත් එහි නොවීය. ඔහු හුදකලා විය.

Xiao Zhan ( සිංහල Version )Where stories live. Discover now