අපි හැමෝම ආදරය කරන්නේ අපිට අයිතිවෙන කෙනාට නෙවෙයි. අපේ ආදරේ උරුම වෙන්නෙත් වෙන කවුරුහරි අයිති කරගත්ත දේකට.. කවුරුහරි කිව්වොත් ඔයා හැමදාම බලාපොරොත්තු වෙන්න ඕනේ ඔයාට අයිති දේවල් විතරයි කියලා.
ඇත්තටම අපිටම කියලා අයිති දේවල් නැතිම තරම්~ හැබැයි.. අපිට අපිව අයිතියි.. අපිට දේවල් අයිති කරගන්න බැරිනම්, අපිට පුලුවන් ඒ දේවල් අයිති කරගන්නේ නැතුව විදින්න...
හරියට ලස්සන දේදුණ්නක් වගේ. අපි දේදුන්න දකිනවා. හරිම ලස්සනයි~ ඒ වගේම කවදාවත් අපිට ලංවෙන්න බෑ. ඒත් අපිට පුලුවන් ඇති වෙනකල්.. ඒක නැතිවෙලා යනකල්ම විදින්න... ඒ වගේ තමයි අපි ආදරේ කරන දේවලුත්, විදින්න ඔනේ.. ' දවසක අහිමිවෙන බව අවබෝධ කරගෙන '
'YOU'
ජින් රාක්කේ හොදටම දූවිල්ල වැදිලා තිබ්බ පොතක් අතට අරගෙන හෙමින් ඒකේ නම කියවලා දූවිල්ල අතින් පිහිදලා දැම්මා. ඒකේ තිබ්බ අමුතු ගුප්ත අදුරු කවරේ දැක්ක ගමන් ජින්ට පොතට හිත ගියා. ජින් හෙමින් ඒක පපුවට තුරුල් කරගෙන අනිත් පැත්ත හැරුනා.'හායි!'
එයාගේ ඉස්සරහා දාඩිය පෙරාගෙන පපුවට වෙනකල් ඇරුන යුනිෆෝර්ම් ශර්ට් එකත් දාඩියෙන් පෙගිලා නළල දෙපැත්තට වැටිලා තිබ්බ කැරලි කොන්ඩේ එක්ක ඉන්න ටේයොන්ව දැක්කම ජින් එතනම නැවතුනා. ජින් එයාගේ හීනී ඇගිලිතුඩු වලින් පොත තද කරලා අල්ලගෙන පස්සට අඩියක් තිබ්බම ටේයොන් කට කොනින් හිනාවෙලා පොත් රාක්කෙට අතක් තියාගෙන එක අතකින් කොන්ඩේ පස්සට කරලා ලොකු හුස්මක් ගත්තා.'අද මොනාද කරේ ටේයොන්ග්?'
ජින් එයාගේ ඇගිලි වලින් ටේයොන්ගේ කමිසේ ගෑවිලා තිබ්බ දූවිල්ල පිහින ගමන් ඇහුවම ටේයොන් ජින්ගේ අතක් අල්ලගත්‍තා.ඒ එක්කම ටේයොන්ග් ජින්ගේ ඇගිලි පෙක් කරලා වින්ක් කරලා ජින්ගේ අත අතැරලා එයාගේ කමිසේ බොත්තම් දාගෙන කොන්ඩේ හදාගෙන පස්ස බැලුවා.
'කට් කරා ලව්..' ටේයොන් ගානක් නැතුව කිව්වම ජින් අත මිටමොලවලා ටේයොන්ගේ පපුවට ගැහුවා. ටේයෝන් බොරුවට රිදෙනවා වගේ රගපාලා කට හදාගත්තම ජින් එතනින් යන්න හැදුවේ මූනත් රතු කරගෙන. චෙරි ලිප්ස් තිබ්බ ඒ මූනට තවත් රතු එකතු වුනාම~
YOU ARE READING
TWILIGHT ||nam x tae x jin||
Fanfiction~love hasn't limit~ ඇත්තටම අපිටම කියලා අයිති දේවල් නැතිම තරම්~ හැබැයි.. අපිට අපිව අයිතියි.. අපිට දේවල් අයිති කරගන්න බැරිනම්, අපිට පුලුවන් ඒ දේවල් අයිති කරගන්නේ නැතුව විදින්න... හරියට ලස්සන දේදුණ්නක් වගේ. අපි දේදුන්න දකිනවා. හරිම ලස්සනයි~ ඒ වගේම කවද...