සමර් වැකේශන් එකට කලින් එක්සෑම් එක ජින් හිතුවට වඩා හොද විදිහකට වෙලා තිබුනා. එයා එයාගේ ටැලන්ට් ෆස්ට් ඉයර් එක තුළම හැමෝටම පෙන්නුවා. ඉගෙන ගන්න එක ගානකට නොගන්න රිච් ෆැමිලි වල ළමයි එක්ක ජින් බ්‍රයිට් ස්ටුඩන්ට් කෙනෙක්..
'ජෙනිෆර් එන්නේ නැද්ද කුකී?' ජින්ගේ මාම් සර්වන්ට්ස්ලා කෑම සර්ව් කරන කල් ඉදලා නැප්කින් එකක් අරගෙන ඇදුමේ රදවගෙන ඩිනර් එකට රෙඩි වෙලා හිනාවෙලා ඇහුවම ජන්කුක් ස්පූන් එක අරගෙන සුප් එක හැදි ගාලා ටිකක් රස බැලුවා..
'පර්ෆෙක්ට්!... ම්ම්ම් ජෙනිෆර් තව ටිකකින් එයි.. එයා ජින් එක්ක මොනවාහරි ලිය ලිය ඉන්නවා දැක්කා මම..' මාම් ඒකට ඔලුව වනලා ගෑරැප්පුව අරගෙන හෙල්ති සැලඩ් එක රසබලන්න ගත්තා.
'හන්.. ජින්ටයි ජෙනිෆර්ටයි එන්න කියන්න...' ජින්ගේ ඩෑඩ් කිව්වම හන් එයාට ආචාර කරලා එතනින් ගියා. කාමර පෝළිම පහුකරගෙන ගිහින් ස්ටඩී රූම් ඒරියා එකට ගිය හන් උගුර පෑදුවා.
'මාස්ටර්...'
'yes come in...' පිරිමි කටහඩක් වෙනුවට ගෑනු කටහඩක් ඇහුනම හන් හෙමින් අගුලට අත තියලා දොර ඇරියා. ජින් පොත් රාක්කේ උඩටම නැගලා පොතක් හොයනව කියලා දැක්කම හන් එයා ඉස්සරහා ඉන්න තරුණ ගෑනු ළමයට ආචාර කරා.
'මිස් කිම්... ඔයාගේ ග්‍රැන්ඩ්පා ඔයාලට ඩිනර් ගන්න එන්න කිව්වා.' හන් ඔලුව නවාගෙන කිව්වම ජින් රැක් එකෙන් බැහැලා නැගපු ඉනිමග පැත්තට කරා.
'ඔහ් අපි දැන් එන්න හැදුවා විතරයි හන්.. අපි යමු ජෙනි...' ජින් එයාගේ අතක් ඉස්සරහට දික් කරලා ජෙනිෆර්ට ඉස්සර වෙන්න සන් කරාම ජෙනිෆර් එයාගේ ඩිම්පල් පේන්න හිනාවෙලා ඉස්සර වුනා.
<>
'මොනවද දෙන්නා මෙච්චර වෙලා කරේ?' ඩෑඩ් ඇහුවම ජින් නිහඩවම මේසෙන් වාඩිවුනා.
'අපි ඊලග වාරේ අසයින්මන්ට්ස් වලට රෙඩි වුනා ග්‍රැන්ඩ්පා.. ජින් ගොඩක් දක්ෂ කෙනෙක්...' ජෙනිෆර් හිනාවෙලා උද්‍යෝගයෙන් කිව්වම ජින් ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලාගත්තා..
'එයා කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ පිසික්ස් වලට ග්‍රේඩ් එක අඩුයි මේ පාර!!!' ජින්ගේ ඩෑඩ් ගැඹුරු හඩින් කිව්වම ජින්ව සීතල වෙලා ගියා. එයා ඩෑඩ්ගේ දිහා බැලුවම ඩෑඩ් ජින්ට පිච්චිලා යන බැල්මක් දුන්නා..
YOU ARE READING
TWILIGHT ||nam x tae x jin||
Fiksi Penggemar~love hasn't limit~ ඇත්තටම අපිටම කියලා අයිති දේවල් නැතිම තරම්~ හැබැයි.. අපිට අපිව අයිතියි.. අපිට දේවල් අයිති කරගන්න බැරිනම්, අපිට පුලුවන් ඒ දේවල් අයිති කරගන්නේ නැතුව විදින්න... හරියට ලස්සන දේදුණ්නක් වගේ. අපි දේදුන්න දකිනවා. හරිම ලස්සනයි~ ඒ වගේම කවද...