හරියටම දවස් තුනකට පස්සේ සෝල් වල මෑන්ශන් එකෙන් පිට බූසාන් වල ජීවත් උන නම්ජූන් ලගට ජින්ව වගේම ටේයොන්ව ජින්ගේ ඩෑඩ් යවන්න ලැහැස්ති කරා. ටේයොන් යන්න කමැති වුනත් ජින් එක්ක මාසයක් විතර living together ඉන්න පුලුවන් කියලා එයා හිතාගෙන හිටියා.
නම්ජූන්ගේ රිසර්ච් වලට කරදරයක්ද කියන එක මුලින්ම ජන්කුක් නම්ජූන්ගෙන් ටෙලිග්‍රෑම් එකක් යවලා ඇහුවා. නම්ජූන් ඒකට අකමැත්තක් පෙන්නුවේ නෑ. ඒත් අකමැතිද කියන එක ජන්කුක් ටිකක් හිතුවා. ජන්කුක් දන්නවා නම්ජූන් හැගීම් පෙන්නන කෙනෙක් නෙවෙයි කියලා. එහෙම එකේ මේක ගැන එයාට කිසිම අදහසක් තිබ්බේ නෑ.
~
පාන්දර පටන් ගත්ත දීර්ඝ ගමනකින් පස්සේ ජින්, ටේයොන්ග් දෙන්නම සුදුපාටට තේජවන්තව බැබලෙන නම්ජූන්ගේ මැන්ශන් එකට ආවා. ටේයොන්ග් මුලින්ම කාර් එකෙන් බැහැලා එයාගේ කලිසමේ සාක්කුවට අත් දාගෙන වටපිටාව බැලුවා. ජින් කාර් එක ඇතුළටම වෙලා හිටියා~
'ජිනී එන්න...' ටේයොන් කාර් එකේ දොරක් ඇරලා ජින්ට බහින්න අත දුන්නම ජින් ටේයෝන්ගේ අත දිහත් ටේයොන්ගේ මූන දිහත් බලලා හුස්මක් අරගෙන තොල් එකට තද කරගත්තා.
'තැන්ක්‍යූ..' ජින් කෙදිරිලි හඩකින් කියලා ටේයොන්ගේ උනුසුම් අතින් එයාගේ ග්ලවුස් දාපු අත තිබ්බා. ජින් එයාගේ එක කකුලක් බිමට තියලා බිමට බැහැලා හිටගෙන ටේයොන්ගේ අතින් අත අරගත්තා.
ජින්ගේ ඔලුව වැහෙන විදිහට නිකට යටින් ගැටගලා තිබ්බ ස්කාර්ෆ් එකත්, ඇගට තද වෙන්නම ඇදලා හිටපු ස්වෙටර් එකත්, සැහැල්ලු ලිනන් කලිසමත් ඊටඋඩින් ඇදලා ඉන්න දිග කබායත් ජින් පැලදලා ඉන්න අව් කන්නාඩි දෙකත් එක්ක ජින්ගේ තිබුනේ ධනවත් කාන්තාවන්ගේ ඉතාම ආඩම්‍බරකාර පෙනුමක්.
සම්පූර්ණ පිරිමි ඇදුම් කට්ටලයක් එක්ක ඉන්න ටේයොන්ත්, කාන්තා ආභරණ පැත්තට බර වෙන විදිහේ විලාසිතාවක් කරලා හිටපු ජිනුත් හරිම මැචින් කපල් එකක් කියලා දකින ඕනම කෙනෙක්ට තේරෙනවා.
'යන්න අදහසක් නැද්ද මහත්තුරු දෙන්නට?'
එකපාරට ගැඹුරු කටහඩක් ටිකක් ඈති සද්දෙන් ඇහුනම ජින් ටේයොන්ග් දෙන්නම ඒ පැත්ත බැලුවා.
YOU ARE READING
TWILIGHT ||nam x tae x jin||
Fanfiction~love hasn't limit~ ඇත්තටම අපිටම කියලා අයිති දේවල් නැතිම තරම්~ හැබැයි.. අපිට අපිව අයිතියි.. අපිට දේවල් අයිති කරගන්න බැරිනම්, අපිට පුලුවන් ඒ දේවල් අයිති කරගන්නේ නැතුව විදින්න... හරියට ලස්සන දේදුණ්නක් වගේ. අපි දේදුන්න දකිනවා. හරිම ලස්සනයි~ ඒ වගේම කවද...