two: summer

177 36 30
                                    

එක්තරා කාලයක වසන්තය කාලය උදාවෙලා තිබ්බා. සමහර මිනිස්සු කැමති එක එක කාලවල් තිබ්බා. අදුරු ගුප්ත මිනිස්සු ආස වුනේ අදුරු පරිසරයන් එක්ක සීතලට~ ඒත් සමහර මිනිස්සු ඇත්තටම ආදරේ කරා වර්ණවත් පරිසරයට..

මෑන්ශන් එකේ ගාඩ් එක උදේ ඉර එළියෙන් එළිය වෙලා තිබ්බා. එයාගේ නූනා මේ අවුරුද්දේ වසන්ත කාලේ මල් බලාපොරොත්තුවෙන් වවපු රෝස පැළ වල මදි නොකියන්න පිපිලා තියෙන මල් දිහා බලපු ජින් හිනාවුනා. එයාගේ මූනට වැටිලා තිබ්බ ලා එළිය එක්ක ජින් ඇත්තටම සුරදූතයෙක් වගේ.

ජින්ගේ සිනිදු කොන්ඩේ නළල පුරාම වැටිලා විසිරිලා තිබ්බා. සුදු පාට ශර්ට් එක යටකරලා තිබ්බ කලු ලිනන් සැහැල්ලු කලිසම එක්ක ඇත්තටම ජින්ගේ සරල චාම් ධනවත් බව හැමෝටම පෙන්නුවා.

'මාස්ටර්... ඔයාගේ ටී එක..' ගෙදර හෙඩ් මේඩ් ජින්ගේ සිනමන් ටී එක ගෙනල්ලා දුන්නම ජින් එයා එදා ලයිබ්‍රි එකෙන් ගෙනාපු බුක් එකේ කියව කියව හිටපු පිටුවේ කොනක් නවලා පැත්තකින් තිබ්බා .

'තැන්ක්‍යු හන්!' ජින් සිනාමුසු මුහුනින් කිව්වම පිළිතුරු විදිහට හන් ආචාර කරලා එතනින් ගියා. ලෙමන් පෙත්තකුත් ඒකට එකතු කරලා තියෙනවා දැක්කම ජින්ගේ මූනේ තිබ්බ හිනාව තවත් වැඩිවුනා. එයාට ඒ එක්කම දීලා තිබ්බ හැන්ද අරගෙන ලෙමන් පෙත්ත දෙපාරක් එහා මෙහා දාලා ඒක අයින් කරලා ජින් හැන්දත් පැත්තකින් තියලා කෝප්පේ තොල් අතරට ගත්තා..

'වාව්... ඒක මාරයි...' හැමදාම සමර් එකේ පළවෙනි දවසේ ගන්න සිනමන් ටී එක ජින්ව අලුත් රසයයකට අරගෙන ගියා. ජින් තේ එකෙන් තව උගුරක් බීලා පැත්තට කරලා පොත අතට ගන්නකොටම එයාගේ පිටිපස්සෙන් කෙනෙක් උගුර පාදනවා ඇහුනා.

'අහෙම්... මාස්ටර්...' ජින් බෙල්ල හරවලා පිටිපස්ස බැලුවා.

'ඔහ් නූනා... එන්න..' ජින් ආයෙමත් පොතට ඇස් අරගෙන ගියාම එයාගේ නූනා ඇවිත් ජින් ලග තිබ්බ අනිත් පුටුවෙන් වාඩිවුනා.

'හන් මටත් ටී එකක් ගෙන්න...' ජින්ගේ නූනා හයියෙන් කිව්වම ජින් ඒ දිහා බලලා හිනාවෙලා ආයෙමත් පොත දිහා බැලුවා.

TWILIGHT ||nam x tae x jin||Where stories live. Discover now