උදේ පාන්දර ජින් එකපාරට ගැස්සිලා නැගිටලා ඇදෙන් වාඩිවෙල වටපිට බැලුවා. දීප්තිමත් ඉර එළිය දිහා බලපු ජින් දවල්ට ලං වෙලා තිබුන සැර අව්ව ඇස් වලට දරාගන්න බැරි නිසා ඇස් ආවරණය කරගෙන හෙමින් බිමට බැස්සා. ඊයේ නිදාගත්තේ ඇදුම් නැතුව උනත් දැන් ඇගේ තියෙන ඇදුම දැක්කම ජින්ගේ කම්මුල් රෝසපාට වෙලා ගියා.
ජින් හෙමින් හෙමින් වීදුරුවෙන් එඹිලා පහළ බැලුවේ හොරෙක් වගේ. එයාට හිතුනෙම කවුරුහරි එයා දිහා බලාගෙන ඉන්නවා ඇති කියලා.
පහළ ග්‍රවුන්ඩ් එකේ ගොල්ෆ් ප්ලේ කරන කඩවසම් dual එක දැක්කම ජින් තවත් ඇස් ලොකු කරගෙන ඒ පැත්ත බලාගෙනම හිටියා. ජින්ගේ දිග රෝස පාට ඇගිලි වීදුරවට තද කරගෙන ජින් ටේයොන් නම්ජූන් දිහා බලගෙන හිටියා.
ඒ දෙන්නා විහිලු කරගෙන හයියෙන් හිනාවෙන විදිහ, ටේයොන් හිනාවෙන විදිහ හරිම අමුතුයි නිසා ජින්ටත් හිනා ගියා. ඒත්, එකපාරට ජින්ට දෙයක් මතක් උනාම එයා වීදුරුවෙන් ඈත් උනා.
'මන් හිනාවුනාද?'
තවත් එක්තරා විදිහක ප්‍රශ්නයක් ඔයාලග ඉතුරු වුනා ජින්~
<>
'ඉන්ග්ලන්ඩ් වලට යන එක තරම් එපා කරපු ගමනක් නෑ නම්ජූන්..'
ටේයොන් ගොල්ෆ් බෝල් එකට පිත්තෙන් අත දිගෑරලා ගැහුවා. බෝලේ අදාළ තැනට ගිහින් හෙමින් වලට වැටුනම නම්ජූන් එයාගේ අතේ තිබ්බ වයින් ග්ලාස් එක උඩට ඉස්සුවා.
'නයිස් ශොට්!' නම්ජූන් හිනාවුනාම ටේයොනුත් ඒ විදිහටම හිනාවුනා.
'මන් නම් වැඩිපුරම සංචාර වලට වඩා කැමති මගේ පොත් 50,000 එක්ක තනි වෙන්න...' නම්ජූන් වයින් උගුරක් බීලා සුරුට්ටුවක් තොල් අතරට ගත්තා.
'ඔහ්!! ඒ නිසාද ඔයා සමර් එකටවත් මෑන්ශන් එකෙන් එළියට බහින්නේ නැත්තේ. හැම අවුරුද්දකම ජන්කුක් නූනා ජෙනී එක්ක මෑන්ශන් එකට එනවනේ...'
'මන් කැමති නෑ වෙලාව අපතේ යවන්න..' නම්ජූන් මැන්ශන් එකට නෝඑන්න හේතුව ටේයොම් දන්නෙත් නෑ. ජින් එයාට ඒක කිව්වෙත් නෑ. ටේයොන් හිතුවේ ඉගෙනගන්න බුද්ධිමත් මිනිස්සු හරිම උදාසීනයි කියලා.
YOU ARE READING
TWILIGHT ||nam x tae x jin||
Fanfiction~love hasn't limit~ ඇත්තටම අපිටම කියලා අයිති දේවල් නැතිම තරම්~ හැබැයි.. අපිට අපිව අයිතියි.. අපිට දේවල් අයිති කරගන්න බැරිනම්, අපිට පුලුවන් ඒ දේවල් අයිති කරගන්නේ නැතුව විදින්න... හරියට ලස්සන දේදුණ්නක් වගේ. අපි දේදුන්න දකිනවා. හරිම ලස්සනයි~ ඒ වගේම කවද...