-" ඔම්මා මන් මේ Marriage එකට කැමති නෑ..."
ජන්ග්කුක් කිව්වේ කේන්තියෙන් වගේම ස්ථීර කටහඩකින්...-" ඒත් පුතා ඒ දුව ගොඩාක් හොද කෙනෙක්..."
-" එයා හොද උනත් නැතත් මට ඒකේන් වැඩක් නෑ ඔම්මා...කියන එක අහන්න මීරා මාව දලා ගියාට පස්සේ මට තව කෙනෙක් ඕනේ නෑ...මන් ආදරේ කලේ මීරට විතරයි අදටත් ඉස්සරහත් ඒක ඒ විදිහමයි..."
ජන්ග්කුක් කිව්වේ එයාව සදහටම දලා ගියපු එයාගේ ආදරේ මතක් කරන ගමන්...
-" පුතා අහන්න මන් දන්න්නවා ඔයා මීරාට ගොඩාක් ආදරේ කරා කියලා...ඒත් බෝරා ගැනත් ටිකක් හිතන්න...බෝරාට ඔම්මා කෙනෙක් ඕන ඔයා ගැන විතරක් හිතන්න එපා ජන්කුක්..."
ඔම්මා කියද්දි ජන්ග්කුක්ටත් කල්පනා උනේ බෝරා ගැන...ජන්ග්කුක්ගේ මුලු ජිවීතේම උනේ බෝරා...මීරා බෝරාවයි ජන්ග්කුක්වයි දලා ගියපු දවසේ ඉදන් ජන්ග්කුක් වෙනස් වුණා...පුංචි දේට පවා කේන්ති ගන්නවා...කිසිම වෙලාවක ඒ මුනේ හිනාවක් තිබ්බේ නෑ...
ඒත් දැන් එයාගේ ආදරේ එයාව දලා ගියාට පස්සේ තව කෙනෙක්..ජන්ග්කුක්ට කවදාවත් මීරාගේ තැන වෙන කෙනෙක්ට දෙන්න ඕන වුන්නෑ...ඒත් පුංචි බෝරා ඔම්මව ඉල්ලද්දි උත්තර නැතුව ජන්ග්කුක් අසරණ උන වාර මෙච්චරයි කියලා කියන්න බැරි තරම්...ඔව් පුංචි බෝරාට අම්මා කෙනෙක් ඕනේ ඒ හින්දා ජන්ග්කුක්ට මේකට කැමති වෙන්න වෙනවා...
ටිකක් වෙලා කල්පනා කර කර හිටපු ජන්ග්කුක් එකපාරට වාඩිවෙලා හිටපු සොෆා එකෙන් නැගිට්ටේ ඔම්මට දෙයක් කියන ගමන්...
-" හරි ඔම්මා...මන් බෝරා ගැන හිතලා මේකට කැමති වෙනවා හැබැයි එකක් මතක තියාගන්න එයා බෝරාට ඔම්මා වෙයි හැබැයි එයාට බෑ මගේ කවුරුත් වෙන්න..."
ජන්ග්කුක් හිස් හැගීමකින් කියලා එතනින් ගියේ ජන්ග්කුක් කියපු එක අහලා ජන්ග්කුක්ගේ ඔම්මා ගොඩාක් සතුටු වෙනකොට...
පඩිපෙල නැගගෙන උඩට ගියපු ජන්ග්කුක් කෙලින්ම ගියේ එයාගේ රෝස මලව බලන්න සතියක් තිස්සේ Company එකේ වැඩවලට හිරවෙලා හිටපු නිසා ජන්ග්කුක්ට බෝරාව බලන්න වෙලාවක් හම්බුන්නැති තරම්...කොටින්ම කිව්වොත් කොල්ලා මේ ගෙදර ඇවිල්ලා ඉන්නෙත් සතියකට පස්සේ...
YOU ARE READING
My_Euphoria [Ongoing]
Romanceමම ඔයාට මාව Marry කරන්න කිව්වට ඔයාට මට ආදරේ කරන්න කිව්වේ නෑ... Jungkook FF ♡︎ ©️ Jeon_bj *Do not copy*