02 ❤️

314 53 2
                                    

ගෙදර බෙල් එක දෙපාරක් නාද වෙද්දි Jungkook ගේ අම්මා ගිහින් දොර ඇරියේ හරිම සතුටින්...

දොර අරිනවත් එක්කම එලියේ හිටපු ගෑනූ ලමයා හරි ලස්සනට ජන්ග්කුක්ගේ ඔම්මා එක්ක හිනා වුනේ ජන්ග්කුක්ගේ ඔම්මත් කෙල්ල එක්ක හිනාවෙනකොට...

-" දුව අද උදෙන්ම ඇවිල්ලනේ එන්න ඇතුලට..."
ජන්ග්කුක්ගේ ඔම්මා හිනා වෙලා කියනකොට ඒ කෙල්ලත් හිනා වෙවීම ගෙදර ඇතුලට ආවා...

එහෙම්ම කතා කර කරම ලිවින්ග් රූම් එකට ගිහිල්ලා කෙල්ල සොෆා එකකින් වාඩි වුනේ ජන්ග්කුක්ගේ ඔම්මත් කෙල්ලගේ ඉස්සරා සොෆා එකෙන් වාඩිවෙනකොට...

-" කොහොමද ඉතින් ජිවූ..කාලෙකින්නේ දැක්කේ කෙල්ල තවත් ලස්සන වෙලා..."
ජන්ග්කුක්ගේ ඔම්මා කියද්දි ජිවූ හිමීට හිනා වෙලා ලැජ්ජවෙන් බිම බලාගත්තා...

-" Thank you madam..හොදින් ඉන්නවා..ඔම්මත් මැඩම්ව බලන්න ඕනේ කිව්වා ඒත් ඔම්මා අසනීපෙන් ඉන්න හින්දා බස් වල එක්කන් එන්න බෑනේ..."
කෙල්ල කිව්වේ බොරු හිනාවක් මූනට අරන් ඒක කියද්දි කෙල්ලගේ මුනේ තිබ්බ දුක ජන්ග්කුක්ගේ ඔම්මත් හොදටම දැක්කා...

-" ඉතිම් ජිවූ මට කිව්වනම් අපි ඔක්කොම එනවනේ ජිවුලගේ ගෙදර..." ජන්ග්කුක්ගේ ඔම්මා කියද්දි ජිවූ කලේ අහින්සක විදිහට හිනා වෙලා බිම බලාගත්තු එක විතරයි...

-" මැඩම්...බෝරා එයා ඉන්නවද?.."

-" ඉන්නවා ඉන්නවා..බෝරාව බලන්නද ආවේ අද.."

-" ඔව් මැඩම්..."

ජිවූ කියද්දි ජන්ග්කුක්ගේ ඔම්මාගේ හිත ගොඩාක් සතුටින් පිරුනේ ජිවූ බෝරාට ඉස්සරහට හොද ඔම්මා කෙනෙක් වෙයි කියලා හිතලා...

-" අද ජන්ග්කුක් දවල් වෙලා Company එකට යනවා කිව්වේ...අර ඉන්නේ ඩබලම තාම හොදට ගුලි වෙලා නිදි..."

ජන්ග්කුක්ගේ ඔම්මා කිව්වේ හීනා වෙන ගමන්...

-" ජ..ජන්ග්කුක් සර් ගෙදර ආවද මැඩම්..."

-" ඔව් ජිවූ ඉයේ අවේ.."

කෙල්ලගේ හිත හරි නොසන්සුන්...ජන්ග්කුක්ගේ ඔම්මා මුලින්ම ජන්ග්කුක්ව Marry කරන්න කියපු වෙලේ ඇත්තටම කෙල්ලට බෑ කියන බැරි උනා...පොඩි කාලේ ඉදන් ජිවූගේ අම්මට ජිවූගේ ඉගෙනීමට වියදන් වෙන එවා ගෙවාගන්න බැරිවෙන කොට ඒ හැම වෙලේම ජිවූගේ ඉගෙනීම් වැඩ වලට සල්ලි දුන්නේ Mrs.Jeon ඒ කිව්වේ ජන්ග්කුක්ගේ ඔම්මා..ජියෝන් පව්ල කියන්නේ කෙල්ලට ගොඩාක් උදව් කරපු තැනක්...ඉතින් දෙපාරක් නොහිතම මෙච්චර පොඩි වයසකදි පුංචි බෝරාට ඔම්මා වෙන්න කෙල්ල කැමති උනා...

My_Euphoria [Ongoing]Where stories live. Discover now