06 ❤

400 49 18
                                    

-" ඔයාට මට සමාවදෙන්න පුලුවන්ද?..."

ජන්ග්කුක් කිව්වේ එයාගේ එක අතකින් ජිවූගේ අත් දෙක අල්ලගෙන අනිත් අතෙන් ජිවූගේ කම්බුලෙන් වැටෙන කදුලු පිහිදාන ගමන් අහින්සක හිනාවකින්...

-" ඔයාට මාව විහිලුවක් වගේ පේනවද ජන්ග්කුක් සර්..."

කෙල්ල කතා කලේ හිමින්...අඩලා හෙම්බත් වෙලා හිටපු කෙල්ලට කතා කරගන්න බැරි තරම්...පපුවෙන් එන සියුන් වේදනාවත් දරාගෙන කෙල්ල හිටියේ වේදනාවෙත් උපරිම...තනිවෙලා කියන හැගීම කෙල්ලගේ ඒ හිතේ උඩින්ම තිබ්බා...

-" මට සමාවෙන්න ජිවූ මං එ වෙලේ හිතලා නෙමේ කතාකලේ..."

ජිවූ කතා කලේ නෑ...කෙල්ල කලේ ජන්ග්කුක් දිහා එක එල්ලෙම බලන් හිටපු එක...කෙල්ල ඇඩුවා ඇස් වලින් කදුලු බේරුනා...මේ ගෙවෙන තත්පරෙත් කෙල්ල ඇඩුවා හිතින් ඊටත් වඩා ඇඩුවා...හැබැයි එක ඉකියක්වත් කෙල්ලගෙන් පිටවුනේ නෑ...

ඒත් එක්කම කෙල්ලගෙන් වැටෙන කදුලු පිහිදාපු ජන්ග්කුක් ජිවූගේ රෝස පාට සිනිදු කම්මුල් පිරිමැද්දේ හරිම ලෝබ කමකින්...කියා ගන්න බැරි අමුතු හැඟීම් ගොන්නක් හිතේ දලු දානකොට කොල්ලා කලේ හීන් හිනාවකින් කෙල්ල දිහා බලන් හිටපු එක විතරයි...

ඒත් එක්කම ජිවූගේ අත් දෙකින්ම අල්ලලා ජිවූව බෙන්ච් එකෙන් නැගිට්ටපු ජන්ග්කුක් තත්පරයක් යන්නත් කලින් ජිවූගේ තොල් වලට බර වුනේ ජිවූගේ ඇස් ටිකක් පුදුමෙන් ලොකු වෙනකොට...

විනාඩි පහක් විතර ජන්ග්කුක් ජිවූගේ තොල් අල්ලගෙනම හිටියේ ඒ හැඟීමේ හොදටම අතරමං වෙලා වගේ...ජන්ග්කුක්ට සිහියක් තිබුනේ නෑ එයාලා ඉන්නේ මහ පාරේ කියන්නවත් තව ලොකු වැස්සක කියලවත්...පාරේ යන මිනිස්සුන්ට නම් ජන්ග්කුක්, ජිවූ දෙන්නව පෙව්නේ ලස්සන චූටි කපල් එකක් වගේ...ජිවූගේ තොල් වලටම සම වැදිලා හිටපු ජන්ග්කුක් ජිවූගෙන් ඈත් වුනේ ජිවූ අඩනවා කියලා තේරුනාම...

-" ඔයා ඇයි මෙහෙම කරන්නේ..."
ජිවූ ඇහුවේ අඩන ගමන් ජන්ග්කුක්ගෙන් අඩි දෙකක් විතර පිටිපස්සට යන ගමන්...

ජන්ග්කුක් කලේ කට කොනින් හිනා වුන එක විතරයි...

-" එනවා ගෙදර යමු..."

My_Euphoria [Ongoing]Where stories live. Discover now