The last trip 01

159 15 1
                                    

" ඔම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔම්මා.. ඔම්මා... "

මම කෑගහගෙන කිචන් එකට ගියේ ඔම්මාව හොයාගෙන.. ඔම්මා තාම කිචන් එක අස් කරනවා..

" මොකද ලමයො බෙරිහන් දෙන්නේ මගෙ කන් තාම හොදට ඇහෙනවා.. "

ඔම්මාට ටිකක් විතර ඩෝං ගියාද මන්ද. හී..

" ඔම්මා.. "

ඔම්මා කිචන් එකේ පැන්ට්‍රි එකට මොනාද අහුරන ගමන් හිටියේ.. මම ගිහින් ඔම්මාව පිටිපස්සෙන් බදාගෙන ඔම්මාගේ උරහිසට නිකට තියාගත්තා..

" මේ මොකෝ ලමයෝ මේ.. නාකි හුරතල්. "

ඔම්මාත් ආදරෙන් මගේ ඔලුව අතගාන ගමන් බොරු තරහකින් කිව්වේ..

" අනී ඔම්මා. මගේ හිතට හරි නෑ වගේ.."

" ඒ මොකෝ පුතේ ඒ.. පොඩ්ඩක් වටපිට ඇවිදලා බලන්නකෝ මෙහෙ කොච්චර නම් ලස්සනද කියලා.. ම්ම්.. එතකොට දුවට ටිකක් සැනසීමක් දැනෙයි.."

" හ්ම්.. මට තේරෙන්නෑ ඔම්මා. මට මේ ට්‍රිප් එක එන්න ඕනේ උනේ නෑ.. මට නිකන් ඔයාලාව දාලා යයි කියලා හිතෙන නිසයි මට ට්‍රිප් එක එන්න ඕනේ උනේ නැත්තේ.. ඒත් ඔම්මා මල්ලි ගොඩක් ආසාවෙන් ට්‍රිප් එක යන්න ලෑස්ති උන නිසායි මම ආවේ.. මේ බැංග්ලෝ එකට ආවට පස්සේ මට තවත් බයයි ඔම්මා. නිකන් මම ඔයාලගෙන් ඈත් වෙයි කියන හැගීමමයි දැනෙන්නේ.. අනේ ඔම්මා මට බයයි ඔම්මා.. මාව දාලා නම් යන්න එපා.."

නොදැනුවත්වම මගේ ඇස්වලින් කදුලු බේරෙද්දි ඔම්මාගේ බෙල්ල අස්සේ මූන ඔබන් මම ඇඩුවා..

" අනේ.. චූටි .. මේ අහන්නකෝ.. හයියෝ.. පුතේ ඉතින් ඔයාට එන්න බෑ නම් කලින් තියන්න තිබ්බානේ ලමයෝ.. එහෙනම් මම දුවවත් ජිමින් පුතා එක්ක තියලා එනවානේ.. කොහොමත් ඔයාලා දෙන්නාගේ වෙඩින් එක ඊලග මාසෙ නිසා අප්පාත් මට කිව්වා දුවව ජිමින් පුතා එක්ක තියලා යමු කියලා.. වෙඩින් එකේ වැඩ බලන්නත් ඕන නිසා.. ඒත් ඉතින් දුවනේ යන්න ඕනේ කියලා කිව්වේ. දුවට අපෙන් ඈත් වෙනවා කියලා දැනෙන්නේ ඊලග මාසෙ දුවගේ වෙඩින් එක නිසා වෙන්නැති දරුවෝ.. ඒත් දුක් වෙන්න එපා හැම වීකෙන්ඩ් එකේම දුවව ගෙදර ගේනවා කියලා ජිමින් පුතා දැනටමත් අපිට පොරොන්දු වෙලා තියෙන්නේ.."

THE LAST TRIP || Completed Where stories live. Discover now