The last trip 03

59 11 0
                                    

ඊලග දවසේ උදේ මම නැගිටිද්දි මල්ලි මාව චප්ප වෙන්න බදාගෙන..

ආයිශ් මේ යෝධ හාවා මගේ ඇග උඩ.. දෙයියනේ.. මම හුස්ම හිරවෙලා මැරුනවත්ද දන්නෑ. යාහ්... තඩි හාවෝ..

මම හිතෙන් මල්ලිටත් බැන බැන ඒකාව මගෙ ඇගෙන් තල්ලු කරලා දාන්න පුදුම ගේමක් දෙන්නේ.. කොහෙද මේකා ගල් ගිලලා වගේ හෙල්ලෙන්නෙවත් නෑනේ..

හම්මෝ හති.. මාව බේරගන්නෝ.. හහ්.. හුස්ම ගන්නත් බෑ..

" පොඩී.. චූටි.. නැගිටිනවා.. දැන් වෙලාව කීයද බලනවා.. "

හම්මේ මගේ ආරක්ශක දේවාතාව එනවා.. උම්මා.. ආදරෙයි ලොකූ ඈ..

ලොකූගේ කටහඩ ඇහෙනවත් එක්කම මට දැනුනේ එක්සෑම් එකක් ඉහලින්ම පාස් වුනා වගේ සතුටක්..

" අනේ ලොකූ.. මාව බේරගන්නකෝ.. නැත්නම් හෙට උදේ පත්තරේ යයි කිම් කෝපරේෂන් එකේ සියෝගේ නංගි තඩි හාවෙක්ට යට වී අවසන් ගමන් යයි කියලා. "

මම කෑගහද්දි ලොකූ නම් ආවේ හිනා වෙවී..

" ආ.. අදත් දෙන්නා එකට නේ.. හයියෝ.. යකෝ පොඩී.. නැගිටහන් බුරුවෝ.. නූනාව තැලිලා මැරෙයි.. ඕන් ඊටපස්සේ අර ජිමිනා එයාගේ වස්තුව තලලා මැරුවා කියලා තෝවත් ගල් රෝලකින් යට කරලා අවසන් ගමන් අරි ඈ.. ඕන් අපි දන්නෑ.. "

ලොකූට ඉතින් මොන දේත් විහිලුනේ හුම්.. ඒම හරි කමක් නෑ මේ මස්ල් බනියාව මගේ ඇගෙන් අයින් කරනවා නම්..

අන්තිමේ කෝමහරි පොඩීව නැගිට්ටවගත්තාම කොල්ලා නිදිමරගාතේ නැගිටගෙන භාගෙට ඇසුත් වහන් ගියා බාතෲම් එකට. මම ඉතින් පොඩි එනකන් ආපහු ටිකක් ඇදේ ඇලවුනා..

අනේ මට හරි අමුතුයි අද.. මේ ට්‍රිප් එක එනවා කිව්ව වෙලේ ඉදන් මට දැනුනේ අමුත්තක්.. බයක්.. ඒක මේ බැංග්ලෝ එක දැක්කාම තවත් වැඩි උනා.. ඒත් අද අනේ මට ගොඩක් බයයි.. මට හිතෙනවා මාව තනිවෙයි හැමෝම මාවා දාලා යයි වගේ.. මට තේරෙන්නෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා.. අනේ මට බයයි..

ඔම්මා.. ඔයාගේ චූටිට බයයි..

අප්පා... චූටිව හොදට බලාගන්න අප්පා.. අද ඒතරම් හොද දවසක් නෙමේ වගේ..

ලොකූ.. ඔයාගේ චූටිව අද කොහෙවත් තනියෙන් යවන්න එපා.. චූටිට බයයි..

THE LAST TRIP || Completed Donde viven las historias. Descúbrelo ahora