The last trip 04

63 13 0
                                    

" කෝ අනේ නූනා.. දැන්වත් හිනා වෙන්නකෝ අප්පා.. තව ටිකකින් අපි යනවානේ.. "

පොඩී මගේ කම්මුල්වලට ඇන ඇන කියෙව්වෙ මම තාමත් කාර් එකට හේත්තුවක් දාගෙන ඔහේ බලන් හිටපු නිසා.

" මෙන්න මෙහෙ එන්න වදේ.. අපි යමු අර පරන ගෙදර බලන්න. ඔයාගේ මූඩ් එක හදන්න එතනට පුලුවන් වෙයි.. "

බැරිම තැන පොඩී මගේ අතින් ඇදන් නැගිට්ටේ අර පාලු ගරාවැටුන ගේ බලන්න යන්න..

" ඒ නියමයි පොඩී.. මටත් ඒක බලන්න යන්න ඕනේ උනා .. කොහෙද ඉතින් ඔයාගේ ජියා නූනා බයයිනේ.. එයාට බෑ කිව්වා ඔය හොල්මන් ගෙවල් අස්සේ රිංගන්න. මම හිතුවේ පොඩීත් යන්න ආස නැතුව ඇති කියලා.. ඒකයි ඇහුවේ නැත්තේ.. "

ලොකූගේ ඉහේ මල් පිපුනා වගේ.. ලොකූ හෙන සතුටෙන් පොඩී එක්ක ගරා වැටුන ගෙදරට යන්න කතා වෙනව...

අනේ ඒත් මට යන්න ඕනේ නෑ ඔය මූසල ගෙදරට.. මට ඒ ගරා වැටුන ගෙදර දැක්කාම මහ මූසලා හැගීමක් දැනෙන්නේ..

අනේ ලොකූ.. ප්ලීස් පොඩී.. මාව නම් ඒ පාලු ගෙදරට ගෙනියන්න එපා චේබල්..

මම ආපහු අඩන්න ඔන්න මෙන්න මූනක් දාගෙන ඒගොල්ලො දිහා බලන් හිටියේ..

" මොකො කෙල්ලේ ආයි මූන එල්ලගත්තේ.. "

ජියා නුනා මගේ ගාවට ඇවිත් මගෙ අතින් අල්ලගන්න ගමන් ඇහුවා..

" අනී ඔන්නි. මට ඒ පාලු ගේ දැක්කාම මහ මූසල හැගීමක් දැනෙන්නේ.. මට බයයි ඔන්නි.. "

" ම්ම් ඔව්. මට කියලා වෙනසකුත් නෑ මින්ජියා.. ඔය ගේ දැක්ක වෙලේ ඉදන් මටත් මෙහෙන් යන්න හිතිලා තිබ්බේ. ඊයේ රෑ මම ජිනීටත් කිව්වා.. මට මෙහෙ ඉන්න බෑ කියල.. ඒ නිසා අපි උදේ ඔම්මලාට කියන්න හිතද්දි තමා පොඩී ඔයාව එක්කන් ඇවිත් මෙහෙ ඉන්න බෑ යන්න ඕනේ කිව්වෙ.. "

ජියා ඔන්නිත් මූන ඇබුල් කරගෙන අර ගරා වැටුන මූසල ගේ දිහා බලන් හිටියා.

" කෝ එන්න යමු ඉතින්.. නූනා.. කජා.. කෝ ජියා නුනා යමු.. "

අයියා මලෝ දෙන්නා ගරා වැටුන ගේ ගාවටම ගිහින් බලලා ඇවිත් අපිවත් එක්කන් යන්න ඇවිත්..

අනේ ඒත් මට බෑ.. මට දැන් උදේටත් වඩා ලොකු බයක් දැනෙන්නේ.. නිකන් මට මගේ පවුල එක්ක ඉන්න තියෙන අන්තිම තත්පර කීපය වගේ. අනේ බෑ.. මට බෑ.. මම යන්නෑ.. ඒ ගරා වැටුනු ගෙට යන්න මට බෑ..

THE LAST TRIP || Completed Where stories live. Discover now