ඈහ්හ්හ්හ්....
මම කෑගහගෙනම වැටෙද්දි ඔන්නි මාව අල්ලගන්නවා මට ලාවට වගේ මතකයි..
*******
කවුරු හරි මගේ කම්මුලට තට්ටු කරනවා වගෙ.. ම්ම්.. සනීපයි.. ඒත් කවුද... මම කොහෙද... මට මොකක්ද උනේ..
" චූටි... "
" නූනා.. "
" මින්ජියා.. "
ලාවට ඇහුනා මට කතා කරනවත් වගේ.. ම්ම්... ඇස් ඇරගන්න බෑනේ.. ඇයි මේ..
කොහොමහරි අමාරුවෙන් අමාරුවෙන් මම ඇස් ඇරලා බලද්දි පොඩී ලොකූ ඔන්නි තුන්දෙනාම මගේ මූනට එබීගෙන හිටියේ..
එයාලා හිටපු විදියට මම එක පාරට බය උනාත් එක්ක.. ඊටපස්සෙ මම හයියෙන් ඇස් පිල්ලම් ගහද්දියි තුන්දෙනා ටිකක් එහාට උනේ.. ආහ්.. මම ඉදලා තියෙන්නේ නූනාගේ ඔඩොක්කුවේ ඔලුව තියන්..
" ආහ්.. ඔලුව... රිදෙනවා.. ඔන්නි මට මොකක්ද උනේ.. "
වම් අතින් තද කරලා ඔලුව අල්ලගන්න ගමන් මම අමාරුවෙන් ඔන්නිගේ ඔඩොක්කුවෙන් නැගිට්ටේ..
" ඔයා කලන්තේ දැම්මා.. "
ලොකූ කිසි ගානක් නැතුව අමුතු තාලෙකින් ඒක කිව්වේ.. සැක්.. සිරාවට මූ මගේ ඔප්පාද...
" ආශ්.. ජිනී.. මගේ කට අවුස්සගන්නේ නැතුව කට ටිකක් පියාගෙන ඉන්නවද.. "
නූනා එක පාරයි කෑගැහුවේ ලොකූ කටට ඇගිල්ලත් තියන් පැත්තකට වුනා.. පව් අප්පා.. කොල්ලා ඔන්නිට මාර බයයිනේ..
" මේ භූතයෝ දෙන්නා අපිව බය කලා මින්ජියා.. ඔයාගේ පිටට අත තියලා තියෙන්නේ මෙන්න මේ පොඩි නසරානියා.. "
නූනා පොඩීට දවා අලු කරන බැල්මක් දාලා කියද්දි පොඩී බෙල්ලත් බිමට නවාගෙන මගේ කොන්ඩෙ ඇගිලිවල පටලව පටලව සෙල්ලම් කරනවා. අනේ ඇත්තට මේකා තාම අත දරුවෙක් වගේ..
" අහ් හරි හරි මට මතකයි.. හැබැයි පොඩි මම බය උනා හොදෙ.. "
" ඉතින් නූනා කවුද හිතුවේ ඔයා එච්චර බය වෙයි කියලා.. හුම්ම්. "
පොඩී මූන ඇද කරන් කියද්දි ඔන්නි ආයි කෑගැහුවා..
" මේ වගේ පාලු ගෙයක ඉද්දි ඔහොම බය කරනවාද මෝඩයෝ.. "
YOU ARE READING
THE LAST TRIP || Completed
FanfictionSHORT FF || HORROR I never thought this would be my last trip...