" ඉතින් ලමයි තුන්දෙනා හවස හොදට විනෝද වෙන්නැතිනේ.. "
ඔම්මා තෙබෝක්කි පීරිසිය මේසෙ උඩින් තියන ගමන් අහද්දි සූස් ගාලා හයියෙන් නහය ඇද්ද පොඩී ඔව් කියලා ඔලුව වැනුවා..
" නැතුව හනී.. බලන්නකෝ මෙයාලා හොදට විනෝද වෙලා.. ඒක තමා අපේ පොඩි කොල්ලා මේ සූස් සූස් ගගා ඇද ඇද ඉන්නේ.. "
අප්පා හිනා වෙවී පොඩීගේ නහයට තට්ටුවක් දැම්මා..
" අප්ප්පාආආආ... "
ඕන් ඉතින්.. අප්පාටත් අත තියන් ඉන්නම බෑනේ.. ඉතින් පිලිගන්නවා සහෝදරවරුනි අපේ පොඩීගේ රතිඤ්ඤා සැනකෙලියට..
අහම් අහ්ම්.. අයි මීන් පොඩීට සෙම හැදුනාම නහයට පොඩි තට්ටුවක් දැම්මත් ඇති එක දිගට කිබුහුම් යනවා..
" හාච්චිං... හචුස්.. හාචින්.. සූස්.. හා.. හාචිං.. "
පොඩී මූනත් රතු කරන් ඇස්වල කදුලු පුරවන් කිබුහුම් අරින්න ගත්තා..
" අනේ මන්දා හනී ඔයාත්.. මගේ පොඩි එකාව කොයි වෙලෙත් විහිලුවට ගන්නවානේ.. "
ඔම්මා අප්පාටත් බැනලා උනුවෙන් සුප් ටිකක් මල්ලිට පෙව්වේ ටිකක් හරි සහනයක් දැනෙයි කියලා..
අන්තිමට මායි ඔන්නියි ලොකූයි පොඩීයි කෑම මේසෙන් නැගිට්ටේ ෆ්‍රයි කරපු චිකන් ප්ලේට් එකත් අරගෙන.. ඔන්නි මයෝනීස් සෝස් එකයි තක්කාලි සෝස් එකයි ගත්තා චිකන් ටික කන්න.. මම චිකන් ප්ලේට් එක අටට ගත්තා..
අපි යද්දි බැංග්ලෝ එක පිටිපස්සෙ අර නටබුන් තියෙන ගේ පේන විදියට පුටු හතරකුයි පොඩි මේසෙකුයි තියාගෙන ලොකූයි පොඩීයි අපි එනකන් බලන් ඉන්නවා..
ඔන්නි එයාගේ අතේ තිබ්බ සෝස් බෝතල් දෙක මේසේ උඩින් තියලා ලොකූ ගාවින් වාඩි වෙද්දි මාත් ගෙනාපු චිකන් ප්ලේට් එක මේසෙ උඩින් තියලා පොඩී ගාවින් වාඩි උනාඅ.
පොඩී මේ වෙද්දි ලොකූ ගෙනල්ලා තිබ්බ බියර් ටින් හතරෙන් එයාගේ බියර් ටින් එක කඩාගෙන බොන්න පටන් අරන්..
" ඉතින් නූනා.. අපි තව ටික කාලයයි නේ ඔයා එක්ක මේම ඉන්නේ.. ඊටපස්සේ ඉතින් නූනා යයි ජිමිනි හියුන් එක්ක.. මට තමා පාලු.. හුම්.. "
YOU ARE READING
THE LAST TRIP || Completed
FanfictionSHORT FF || HORROR I never thought this would be my last trip...