මම ජන්කුක්.ජියෝන් ජන්කුක්.වාසගම මට ලැබුනෙ කොහොමද කියල නම් මම දන්නැ..මම ගොඩක් දුප්පත්.මම තනියම තමා ජීවත් වෙන්නෙ මගෙ බෑම් එක්ක.මට වයස දහනවයක් වෙනවා..
මම මේ ලැහැස්තිවෙන ගමන් ඉන්නෙ මගෙ අළුත් ජොබ් එකට යන්න..හ්ම්.ඒ මිස්ට කිම්ගෙ ගෙදරට.සර්වන්ට් කෙනෙක් විදිහට.
මම ලැහැස්ති වෙලා අල්මාරියේ කන්නාඩියෙන් බැලුවෙ ඒක පරණ පාටද කියලා..වෙලාවට ඒක පරණ පාට නෑ.මම කළු කලිසමට රතු පාට හූඩි එකක් ඇදල කොණ්ඩෙත් පීරගෙන සපත්තු දෙක දාගත්තෙ ඉක්මනට යන්න ඕනෙ නිසයි..
මම ගෙදරින් එලියට ඇවිත් දොර ලොක් කරල යතුර පාපිස්ස යටින් දාල බෑම්ගෙ කූඩුව ගාවට ගියා..
🐰 බෑම්.හියුන්ගි එනකන් පරිස්සමින් ඉන්න හොදේ.කෑම ඔක්කොම ටික කන්න හරිද..ඒනම් හියුන්ගි යනවා..
බෑම්ට කියපු මම ඉක්මනට වත්තෙන් එලියට ඇවිත් පාර දිගේ ඇවිදගෙන ගියේ බස් හෝල්ඩ් එකට..
🐰වෙලාවට බස්එක ගිහින් නෑ.
මම එහෙම හිතුවෙ එතන නූනලා දෙන්නෙක් වගේම තව අංකල්ල දෙන්නෙක් එතන හිටගෙන හිටියා..මමත් එතනට ගිහින් එතන හිටපු අයට මගෙ බනී හිනාව පෙන්නලා එතන අයිනකින් හිටගත්තා..ඒ නූනල දෙන්නත් අංකල්ල දෙන්නත් කිසිම ලෝබ කමක් නැතුව මාත් එක්ක හිනා වුනා..
විනාඩි දහයක් යද්දි බස් එක ආපු නිසා මම මගෙ සාක්කුවෙ තිබුන සල්ලි ඒ හියුන්ගිට දීල.
🐰 ඩේගු ස්ටේශන් එක ලගට..
කියල බස් එකේ සීට් එකකින් ඉදගත්තා..
බස් එක නැවැත්තුවේ ඩේගු ස්ටේශන් එකෙන්.මම බස් එකෙන් බැහැල හයියෙන් හයියෙන් ඇවිදගෙන ගියේ කාම් මැන්ශන් එකට.ස්ටේෂන් එකේ ඉදලා කිම් මැන්ශන් එකට විලාඩි පහලවකින් වගේ යන්න පුළුවන් දුරක නිසා මම පයින්ම ගියා..
මම ගිහින් නැවතුනේ කිම් මැන්ශන් එක ඉස්සරහා..
මම එතන හිටිය මුර අංකල් ලගට ගිහින්..
🐰 අංකල්.මම ජියෝන් ජන්කුක්.අර කිම් සර් සර්වන්ට් කෙනෙක්..
🖤 ආ.මේ ඒ දරැවද.ඔයා ඇතුලට යන්න.කිම් සර් සාලෙ ඉන්නවා..
🐰 හරි අංකල්..
ඒ අංකල් හිනාවෙලා කියද්දි මම ඒ අංකල්ට මගෙ බනී හිනාව දාල ඇතුලට ඇවිදගෙන ගියා..
අර අංකල් කිව්වෙ ඇත්ත..කිම් සර් සාලෙ හිටියා..මම දොර ලග ඉදලා සර්ට කතා කලා..
🐰 කිම් සර්..
💜 ඔහ්.ජන්කුක් පුතා..එන්න ඇතුළට..
සර් කතා කලාම මම ඇතුලට ගියා..සර් අත දික් කරල සර් ගාවින් තිබුන පුටුවට තට්ටුවක් දැම්මෙ මට එතනින් ඉදගන්න කියලා.මමත් සර් ගාවින් ඉදගත්තා.
💜ඉතින් පුතා.පුතාට කොහොමද..
🐰 මම හොඳින් සර්.සර් හොදින්ද..
මමත් හිනා වෙලා සර්ගෙන් ඇහුවා..
💜 මම හොදින් ජන්කුක් පුතා..ඉතිම් ඔයා වැඩ කරන්න කැමතිද..
🐰 ඔව් සර්..
මම කිව්වා..
💜හරි එහෙනම්.පුතාට කරන්න තියෙන්නෙ මගෙ පුතාගෙ ප්‍රයිවටි එක ගැන හොයල බලලා එයාගෙ අඩුපාඩු වැඩ හැම දේම හොයල බලලා කරලා දෙන එක..
🐰 හරි සර්..
💜 පුතා එහෙනම්.අද ඉදල වැඩ පටන්ගන්න.තේහ්‍යුන් කාමරේ ඉන්නවා.කාමරේට ගිහිල්ලා බලලා මොනාද නරන්න තියෙන වැඩ අහල කරල දෙන්න..
🐰 හරි සර්.තේහ්‍යුන් සර් මොන කාමරේද ඉන්නෙ..
මම එහෙම ඇහුවෙ ඒ කාමරේ දන්නැති නිසා..
💜 ඔතනින් උඩට ගිහිල්ල කෙරවලේම තියෙන කළු පාට දොර තියෙන කාමරේ..
🐰 හරි සර්..
කියල සර්ට ආචාර කරල මම සර් පෙන්නපු තේහ්‍යුන් සර්ගෙ කාමරේට යන්න පටන් ගත්තා..
ඔයාල කැමතිද මේකට.
මොනාහරි කොටාගෙන යම්න..
මතක ඇතුව වෝට් එකක් දාගෙන යන්ඩ හොදේ.නිකම් යන්න එපා..
බායි❤️