Chapter 01

1.3K 80 4
                                    

උදේම කොල්ලෙක් තවත් කොල්ලො හතරදෙනෙක් ඉස්සරහ දනගහගෙන ඉන්නවා.නෑ නෑ හතරදෙනෙක් නෙවෙයි තුන්දෙනෙක් තමයි මේකට හේතුව.හොදට ඇද පැලදගත්ත කොල්ලො හතරදෙනෙක්.අර කොල්ලගෙ ඉස්සරහින් ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි.යුනිවර්සිටි එකේ ඉන්න නරකම වගේම පෝසත්ම කොල්ලො තුන්දෙනා.අනිත් කෙනා ඉතින් එයාලගෙ මේට් කෙනෙක්.

අනේ ප්ලීස් මට යන්න දෙන්නහ්

යන්න දෙන්න...හහ්...තමුසෙ හිතුවද මේක තමුසෙගෙ තාත්තගෙ කියලා ආහ්..

ප-ප්ලීස් ...

කොච්චර බැගෑපත් වුනත් මූනට තව එකක් ගැහුවා.මේ වෙන කවුරුත් නෙවෙයි මුළු යුනිවර්සිටි එකම හොල්ලගෙන ඉන්න වෘකයා.කිම් ටේහ්‍යොන්ග්.මුළු වෘක රාජධානියේම අනාගත ඇල්ෆා.ගොඩක් විශාල බලයක් එක්ක ඉපදුන ටේහ්‍යොන්ග් True blood කෙනෙක්.දැනට කිසි කෙනෙක් මේ වෘකයාගෙ ඇස් දිහා කෙලින් බලලා නෑ.හේතුව එයාලා අත්දැකීමෙන් දන්න නිසා.අනිත් දෙන්නා තමයි එයාගෙ යාළුවෝ.එක්කෙනෙක් යුන්ගි අනිත් කෙනා හෝසක්.යුන්ගි ඇල්ෆා කෙනෙක් වෙනකොට හෝසක් බෙටා කෙනෙක් වුනා.අන්තිමටම ඉන්නෙ යුන්ගිගෙ පුංචි මේට් ඔමේගා ජිමින්.අර තුන්දෙනා යුනි එකේ second year වෙනකොට ජිමින් first year වුනා.

ඇත්තටම මෙයාලා ඉන්නෙ කැෆටේරියා එකේ.හතරදෙනා එනකොටම කොහෙදෝ ඉදලා දුවගෙන ආපු කොල්ලෙක් ටේහ්‍යොන්ග්ගෙ ඇගේ හැප්පුනා.කෙලින්ම ඒ කොල්ලගෙ කොණ්ඩෙන් ඇදලා ගත්ත යුන්ගි කොල්ලව ටේහ්‍යොන්ග් ඉස්සරහ දනගැස්සුවා.මෙයාලා දිහා බලාගෙනම ජිමින් පිටිපස්සට ගිහින් පුටුවකින් ඉදගත්තෙ මෙතන වෙන්නෙ හොද දෙයක් නෙවෙයි කියලා දන්න නිසා.

තමුසෙ මොන හයියකින්ද ටේහ්‍යොන්ගෙ ඇගේ හැප්පුනේ ආහ්....

ඒක වැරදීමක්.....මට සමාවෙන්න....

අනේ ඇල්ෆා එයාට සමාවෙන්න...සමාවෙන්න ඇල්ෆා...

ඒ කොල්ලගෙ මේට් ඇවිත් ටේහ්‍යොන්ග් ඉස්සරහ දනගහලා වැද වැටෙනකොට ටේහ්‍යොන්ග් නැගිටලා යන්න ගියේ මුකුත් නොවුන ගානට.

ඉක්මනට ලෙක්චර් හෝල් ඒකට ආපු ටේහ්‍යොන්ග් ඉදගෙන ඉස්සරහ බලාගෙන හිටියා.එයත් එක්කම අනිත් දෙන්නත් එද්දි ටේහ්‍යොන්ග් කතා කලා.

𝐌𝐘 𝐓𝐑𝐔𝐄 𝐁𝐋𝐎𝐎𝐃 || 𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔 ||Where stories live. Discover now