Chapter 02..

77 35 35
                                    


නිවසට පැමිනි සොක්ජින් තම පාවහන් ගලවා පාවහන් රදවනයෙන් තමා තම කුඩා නිවෙස වෙත පිවිසියා. සොක්ජින්ගේ නිවස කුඩා නිවසක් යැයි පැවසීම එක් අතකට මුසාවක්.

තට්ටු දෙකකින් සමන්විත සොක්ජින්ගේ නිවෙස 1956යේ ජිවත් වන ධනවත් මහත්මයෙකුගේ තත්වය විදහා පාන අපූර්ව නිර්මාණයක් .

නිවෙසෙන් එලිමහන විවිධාකාර වූ මල් වලින් මෙන්ම සෝබමාන ලෙස ඉදිවී ඇති සුන්දර කුඩා දිය ඇල්ලකින් සුන්දර වද්දියි ඔවුන්ගේ නිවස ඇතුලත එලිමහනට වඩා අලංකාර වූවා.

තරමක් විශාල හුරුබුහුටි සාලය තුල සෝෆාවක්, කුඩා රේඩියෝවක්, කලු සුදු පැහැති රූපවාහිනියක් මෙන්ම තව අවශ්‍යම වු භාණ්ඩ කීපයකින් මනා ලෙස සැරසී තිබුනා.

නිවෙසට ඇතුලු වනවාත් සමගම දෙවනි තට්ටුව සදහා ඇති පඩිපෙලත්, දකුණු පසින් සාලයක් වම් පසින් මුලුතැන්ගෙයත්, පඩිපෙළ අසලම නාන කාමරයත් දෙවනි තට්ටුවේ නිදන කාමර දෙකකිනුත් කුඩා ගබඩා කාමරයකිනුත් සොක්ජින්ගේ නිවහන නිර්මාණය වි තිබුනා.

නිවෙසට ඇතුලු වී දොර වසා දැමු සොක්ජින් තම නිදන කාමරය වෙත ගොස් පිරිසිදු වන්නට විය. තමන්ගේ ඇදුම් පවා සෝදමින් විනාඩි 45ක පමන කාලයක් නාන කාමරය තුල ගත කල සොක්ජින් එයින් එලියට පැමින ඉක්මනින් සැහැල්ලු ඇදුමක් ඇගලා ගන්නට විය.

තමා සේදු ඇදුම් සියල්ල වේලෙන්නට දැමු සොක්ජින් මුලුතැන්ගෙය වෙත යන්නට වූයේ රාත්‍රි ආහරය සූදානම් කිරිමටයි. රාති ආහාරය සදහා බත් සමග තවත් ව්‍යංජන කීපයක් පිලියෙල කිරීමට සූදානම් කර ගත් සොක්ජින් ආහාර පිසිමට ආරභ කරන ලදි.

" ඔයා අද කලින් "

ආහාර පිසිමින් සිටි සොක්ජින්ගේ පිටු පසින් පැමින බද වටා අත් පටලවා ගත් කෙනෙකු ඔවුන්ගේ පිටට හේත්තු වී නිදිමත ස්වරූපයෙන් පවසන්නට විය.

" ඔව්. බඩගිනි ද ?"

තමන්ගේ බද වටා ඇති දෑත් වල හිමිකාරිය අදුරනා සොක්ජින් මුවට හිනාවක් ගෙන ඇයගෙන් අසන්නට විය.

" හ්ම්ම් බඩගිනි , නිදිමතයි , මහන්සි "

ඇය තවමත් නිදිමත ස්වරූපයෙන් පවසද්දි සොක්ජින් තමන් කප කප හිටි එළවළු පැත්තකට දමා ඇය වෙතට හැරෙද්දි ඇය සොක්ජින්ගේ පපුවට මුහුන හොවාගෙන ඔවුන්ගේ සුවද ආස්වාස කරන්නට විය.

Sa Love Story || KSJ || Complete Where stories live. Discover now