Epilogue..

86 35 44
                                    


තම අතෙහි වු රෝස මල ඇය ඉදිරියෙන් තබා අනෙක් අතෙහි ගුලි කරගත් ලියුම ඔහු දිග හැරියේ ඇය දෙස බලාගෙනමයි..

" ඔබ තවමත් එදා ලෙසමයි,
සුන්දරයි , හුරුබුහුටියි

කෙසේ නම් මා මගේ හැගීම් ඔබට කියන්නද?
එය ඔබ පිලි ගනීද?

මරියා.......
මා ඔබට ආදරෙයි ....

මාත් ආලේ කලා ඔබට
නොකියුවාට එය..

කවුරුන්ද පරක්කු වූයේ,
එය පවසන්නට ...

සෑම රැයකම ඔබ මා අසල රැදුනා,
උනුසුම නොදැනෙන ඔබේ රූපයට
මා පෙම් බැන්දා..

ගැලවී යා නොහැකි තරම්
මා ඔබට බැදිලා...

ඔබව දුටු දා සිටම මන් ආදරේ කරා,
එදත් අදත් හෙටත් ඔබම පමණක් මගේ ආදරේ වේවී,
සිහිනෙන් හෝ එන මගේ බිරිඳ වේවි...

මගේ ආදර කතාවේ මගේ ආදරේ තුල,
ඔබ සදා ජිවිත් වීවේ..... "

ඔහු තම ආදරය ඇය ඉදිරියේ පවසන්නට පටන් ගත්තා...

සොක්ජින් පලමු වරට මරියාව දුටුවේ ඔවුන්ගේ රංගන උලෙලකදි. ඇය කුමරියක් සේ වස්ත්‍ර දරා හිටියා. ඇත්තටම ඇය සුරගනක් තරම් සුන්දර වූවා. කාගෙවත් සිත ගන්නට බැරි උන කඩවසම් විදේශීක තරුණයා සොක්ජින්ගේ සිත ගැනීමට තරම් ඇය සුන්දර වූවා. වසර දෙකක ඉගෙනීමෙන් පසු සොක්ජින් මහාචාර්යවරයෙකු වශයෙන් සහභාගි වූ පලමු වන ප්‍රසංගය ඔවුට විශේෂ වූයේ ඇය නිසයි 

මරියා තමාට වඩා අවුරුදු 5ක් බාල යුවතියක් බව දැන ගත්තාම සොක්ජින් ඇයව ඇයටත් සොරා ආරක්ෂා කරා. සරසවිය තුල කිසිදු පුරුශයෙක් ඇයට කරදර කිරිමට හිතුවේවත් නැත්තේ ඔවුන් හට තම ළාබාල මහාචාර්යවරයාගෙන් දඩුවම් ලැබීමට අවශ්‍ය නැති නිසා විය හැකි.

සොක්ජින් මරියා සමග ආලයෙන් වෙලෙන්නට වූයේ ඇයගේ අවසන් වසරෙදි. ඔහු මහාචාර්යවරයෙකු වන නිසාත් මරියා යනු ශිෂ්‍යයාවක් නිසාත් සොක්ජින් ඇයගෙන් ඇසීමට පසුබට වූවා.

මරියා සරසවියෙන් පිටව ගොස් රංගන සදහා සහභාගි වූ බව ආරංචි වීමත් සමග සොක්ජින් ඇගේ ප්‍රථම රසිකයා විය. ඇයගේ සෑම රංගනයක්ම නැරඹීමට ඔහු ගියද කිසි දිනෙක සොක්ජින් ඇය ඉදිරියට නොයා සිටීමට වග බලා ගත්තා .

සොක්ජින් මනෝ විද්‍යා මහාචාර්යවරයෙක් වුවද ඔහු තමන්වම රවට්ටා ගනිමින් මරියා සමග ඔහුගේ ලෝකයකට ජිවත් වන්නට වූ බව කවුරුත් දැන හිටියේ නෑ .

ඔවුන් දෙදෙනාම තම තමන්ගේ කතා වල තමන්ගේ ආදරය සමග ජිවත් වුනා. තමන්ට පුලුවන් කාලය වන තෙක්ම .......

මරියාගේ සොහොන උඩින් තම ආදර හසුන තැබු සොක්ජින් තම හැරමිටිය ආධාරයෙන් නැවත තම නිවෙස වෙත යන්නට සැරසුනා. ඔහු නිවෙස වෙත යා යුතුමයි.

මන්ද.......

ඔහුගේ කතාවේ.......

ඔහුගේ ආදරය ඔහු එන තෙක් බලන් සිටින නිසා ......

මේ......

ඔහුගේ ආදර කතාව ............. Sa Love Story ❤













__ නිමි __

( මේකේ lyrics  අහන්න. මන් ඒකෙන් තමා අයිඩියා එක ගත්තේ . මේ සොන්ග් එක ගොඩක් ලස්සනයි . ❤)












Sa Love Story  ඔන්න ඉවරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sa Love Story  ඔන්න ඉවරයි.

Sa love story  කියන්නේ ප්‍රංශ වලින්  His Love Story කියන එක.  මන් අර සින්දුවෙන් තමා ඔය වචනේ අරන් සම්පූර්ණ ප්ලොට් එක හැදුවේ.

මේක බර්ත්ඩේ ගිෆ්ට් එකක්. මගේ මමීට 😌❤  kim_faifai  හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න. ඔයා කිව්වා වගේම මට හැමදාම ඉන්නවා ඔයාට වද දෙන්න . හැමදාම

ඔයා ඉල්ලුවා වගේ අනිත් අයට කෝල්ඩ් කෙල්ලට ලවලී ජින් කෙනෙක් ඉන්නවාද කියලා නම් ශුවර් නෑ  🥲 කෙල්ල හුරතල් වෙන්නත් ඕනේ කීවා 😁 හිකිස් ඒ මොකුත් නැද්ද මන්දා.

අනික මේක සෑඩ් එන්ඩින් වගේනේ 🥲👍

කමෙන්ට් එකක් දාන් යන්න කට්ටිය . මන් ඉක්මනටම His wife / Hurt Me  දෙක දෙන්නම්. ඒවා අමතක නෑ හොදේ.

පරිස්සමෙන් ඉන්න හැමෝම  ❤

~Manu~

Sa Love Story || KSJ || Complete Where stories live. Discover now