සුරූපී නිළි මරියා ජෝශප් හදිසි අසනීප තත්වක් හේතුවෙන් රෝහල් ගත කර තිබුනේ පෙර දින අලුයම් කාලයේ. ඇයගේ අසනීප තත්වය උත්සන්න වී ඇය අද දින උදෑසන තම ජිවිතයට සමු දී ඇත.මරියා මෙනවිය මිය යන විට 40 වන වියෙහි පසු වු අවිවාහක සුන්දර කාන්තාවක් වු අතර ඇය මීට වසර 5කට පෙර එනම් 35වන වියේදි රංගන දිවියෙන් සමුගන්නට වූයේ ඇගේ අසනීප තත්වය නිසාවෙනි.
22 වන වයසෙහි පටන් රංගන ක්ෂේත්‍රය තුල තම හැකියාවන් මනා ලෙස පෙන්නු ඇය රංගන දිවියෙන් සමුගන්නා තෙක්ම නොකඩවා හොදා නිලිය සම්මානය තමා සතු කර ගන්නට සමත් විය.
ඇගේ රසිකයන් බොහොමයක් මේ වන විටත් ඇගේ මරනය හමුවේ දුක් වන අතර ඇගේ අවසන් කටයුතු ලන්ඩන් ප්‍රධාන සුසාන භූමියේ කරන බවට කළමනාකාරිත්වය පවසා ඇත.
ඈ හට අවසන්...........................
රූපවාහිනියේ විකාශය වන හදිසි පුවත දෙස ඔහු බලා හිටියේ කෝපි කෝප්පයක් තොල ගාමින්. අවුරුදු 45ක මිනිසෙකු වුවත් තවමත් ඔවුගෙන් එදා මෙන්ම කැපී පෙනෙන පෞරුෂය නොඅඩුව දක්කනට ලැබිණි.
රූපවාහිනිය වසා දැමු ඔහු මේසය මත වූ රෝස මල රැගෙන නිවසින් බැහැර වූයේ අවසන් වරට ඇය හමුවීමටයි. පා ගමනින් යාමට තරම් වාරුවක් නොතිබුණු ඔහු බස් රියක නැගී ලන්ඩන් සුසාන භූමිය වෙතට පැමිණියා.
සුසාන භූමිය පිරෙනා තෙක්ම සිටි ජනකාය පිටවන තෙක් බලා සිටිමට ඔහු තීරණය කරන්නට වූයේ ඇය හා තනිව කතා කිරිමට ඔහුට අවශ්‍යය වූ නිසා විය හැකි.
ජනකාය එකා දෙන්නා හිමින් හිමින් සුසාන භූමියෙන් පිට වන්නට වූයේ සුසාන භූමිය නැවත ගැඹුරු නිහඩතාවයක රදවමින්.
පැය ගණනාවකට පසු සෑම දෙනාම පිටවී ගිය පසු හිද සිටි බංකුව මති නැගිට ගත් ඔහු ඇය වෙතට වූ මාර්ගය දිගේ ඇවිදන් ගියේ බොහොම සෙමින්.
තම හැරමිටියෙන් පොළවට තට්ටු දමමින් ඔහු ඉදිරියටම ගමන් කරා. නිමක් හමුවන තෙක්ම.
YOU ARE READING
Sa Love Story || KSJ || Complete
Fanfiction" ඔබ තවමත් එදා ලෙසමයි, සුන්දරයි , හුරුබුහුටියි කෙසේ නම් මා මගේ හැගීම් ඔබට කියන්නද? එය ඔබ පිලි ගනීද? මරියා....... මා ඔබට ආදරෙයි .... " #girl×boy Love