Chapter 01..

82 35 14
                                    


" වාහ් මරියා කියන්නේ නම් සුයිප් ටිකට් එකක් වගේ කෙල්ලෙක්. බලන්නකෝ හැඩ බන් "

" ඒක ඇත්ත . සැප කඳක් බන් . නැද්ද සොක්ජිනා "

රූපවාහිනියේ යන අලුත්ම ෆිල්ම් එකේ සින්දුව බලන ගමන් ජේම්ස් කියද්දි සොක්ජින් ඔහු වෙන දැම්මේ නොරුස්සන බැල්මක්.

තම කාර්යාල සගයන් දෙනෙනා ඔවුන්ගේ විවේක කාලය ආපනශාලාවේ රූපවාහිනිය වෙනුවෙන් වැය කරලද සොක්ජින් ඒ කාලයත් තමන්ගේ කාර්යන් වල නිරත වන්නට විය.

ජේම්ස් මරියා ගැන පැවසුවද සොක්ජින්ගෙන් පිළිතුරක් නැති තැන නැවත රූපවාහිනිය දෙසට අවධානය යොමු කරා. විනාඩි කීපයක නිහඩබවකින් පසුව සොක්ජින් කලු සුදු  රූපවාහිනියේ දිස් වෙන සින්දුව වෙත තම අවධානය මදකට යොමු කරන්නට වූවා.

මරියා නම් හුරතල් නිලිය දෙස ඔහු බලා හිටියේ කුමන හැගීමකින්ද යන්න ඔහුටම හිතා ගත නොහැකි. දනහිස තෙක් දික් වු ගව්මකින් සැරසි කොණ්ඩය කඩා හැලෙන සේ සකසා යන්තන් රූපලාවණ්‍ය ද්‍රව්‍ය වලින් හැඩ වී ඇති මරියා තම සහයක නලුවා සමග හුරතල් රංගනයක නිතර වනවා දැකීම පියකරුයි. ඇය ඒ තරම් හුරතල්

මරියා යනු ලන්ඩනයේ නැගී ආ සුන්දර නිරූපිකාවක්. ඇය රංගන ක්ෂේත්‍රයට ආවාත් සමගම ජනප්‍රිය වන්නට වූයේ ඇගේ ඇති හුරතල් බව නිසාවෙනුයි. තවමත් විවාහ වී හෝ ආදරයක් ගැන සදහන් නොවන ඇය වෙත ආදර ඇරයුම් බොහොමයක් ලැබුනද ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන හේතුව කාටවත් හිතා ගැනීමට නොහැකි විය.

" මන් යනවා "

මරියා දෙස මද වේලාවක් බලා සිටි සොක්ජින් තමන්ගේ ෆයිල් එකතු කරගෙන තම සගයන් ආපනශාලාවේ තනි කරමින් පිටව ගියේ ඔහු ගිය දෙස ජේම්ස් වගේම ඔහුගේ මිතුරා වූ වින් සොක්ජින් දෙස බලා සිටියදියි .

" ඒ මනුස්සයාට නම් කිසිම හැගීමක් නෑ වගේ නේද ? "

වින් ජේම්ස් දෙස බලමින් පැවසන්නට වූවා.

" අනේ මන්දා බන්. එක වෙලාවකට හිතෙනවා මිනිහා ගේ ද කියලා "

ජේම්ස් වින්ගේ ප්‍රශ්නයට සිනා වෙමින් පිළිතුරු දෙන්නට විය. ඔවුන් දෙදෙනාගේම සිනා හඩ ආපනශාලාවේ රැව් පිලි රැව් දෙන්නට විය.

Sa Love Story || KSJ || Complete Dove le storie prendono vita. Scoprilo ora