" ලව්.."
" ඕහ්..ආ ජිමිනා..කොයි වෙලාවෙද ආවේ.."
" ඇවිල්ලා නම් ටිකක් වෙලා ලව්..කොහෙද ඉතින් ඔයා මේ ලෝකේ සිහියෙන් නෙමෙයිනේ හිටියේ..මොනාද ඔච්චර කල්පනා කරේ.."
" මම ඔයාට කියලා තියනවා මට ඔහොම කතා කරන්න එපා කියලා.."
" ඇයි..මම නම් ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ 😒 "
" ඒ උනාට ඒක හරි නෑනේ..ඔහොම මේ හැමෝම ඉස්සරහා මට ලව් කියලා කතා කරාම ඔහේට කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැති වෙයි..අනික මට එහෙම කතා කරන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි..ඔයා දන්නවානේ.."
" හරි හරි මම දන්නවා..අනික මට වෙන කෙල්ලො මොකටද ඔයා හිටියාම ඇති ලව්.."
" ජිමිනා..😑 "
" හරි හරි ලව්..ආ සොරි සොරි කිම් eunha..😅 "
" තමුසෙ නම් තනිකරම අපේ අර හිවල්තඩියාගෙ කපාපු පලුව..දෙකම එකයි මම යනවා යන්න.."
" කොහෙ යන්නද මෙහෙ එනවාකෝ ටිකක් ආස්රේ කරන්න.."
" මෙන්න වැන්ඳා 🙏 මේ ආස්රේ කරපු තරම හොඳටෝම ඇති.."
" මහ නපුරියක්..😒 "
" ආහ් මේ..ඉක්මනට ආවොත් පපායා ජූස් එකක් හම්බවෙයි..😙 "
කෙල්ල ජිමින්ට ෆ්ලයින් කිස් එකක් දීලා ගේ ඇතුලට දිව්වේ ජිමින්ට කලින් කිචන් එකට යන්න..කෙල්ල කිචන් එකට යනකොටම කෙල්ලගෙ ඔප්පායි ඔම්මායි කතා කර කර හිටපු එක මඟ නතර කරත් කෙල්ලට ඒ වගක් තේරුනු බව කෙල්ල ඇඟෙව්වෙ නැත්තෙ කෙල්ලට එයාලා කතා කරන ගොඩාක් දේවල් වැදගත් වෙන්නෙ නැති නිසා..මිසිස් කිම්ගේ කම්මුලකට පෙක් එකක් දීපු කෙල්ල ඔප්පාට ඔරවලා ෆ්‍රිජ් එක ගාවට ගිහින් පපයා ජූස් එකක් අතට අරගත්තා..ඒත් එක්කම ජිමිනුත් ඇවිල්ලා දෙන්නාගෙ රංගනේ දිහාම බලාගෙන ජූස් එක බීලා මිසිස් කිම්ට කියලා ගෙදර ගියා..ජිමින් කියන්නෙ කෙල්ලගෙයි කොල්ලාගෙයි හොඳම යාලුවා..ඒක නිසාම කෙල්ලගෙ ගේ කියන්නෙ ජිමින්ගෙ ගේ වගේ තමා..
" මොකද දැන් තමුන් මන් එක්ක කතා කරන්නෙ නැත්තෙ.."
" ඔම්මා මට ඔය එක එක අය එක්ක කතා කරන්න වෙලාවක් නෑ කියන්න.."