" ඔයාට හොඳටම ෂුවර්ද මේක කරන්න ඕනිමයි කියලා "
" හ්ම්..හැංගිලා හිටියා තේරුමක් වෙන්නෙ නෑනේ මම වීවී විදියට අදින් පස්සෙ හැමෝම ඉස්සරහා පෙනී ඉන්නවා "
" දේ..අපි යමු එහෙනම් 😘 "
" ජන්ග් හෝසක් 😫 "
🌷🐿️ මෝහ් හනාශි 😶
🌷 ඔහොම කෑගහනවාද ගෑනියේ බයටම මගෙ පපුව තාමත් ගැහෙනවා 😠
🦋 හහ්..මේක ඕකට බය වෙන්න වෙලාවක් නෙමෙයි හෝසක්ශි ඕක-ඕක කරන්න එපා 😥
🐿️ මෝහ් මොකද වෙලා තියෙන්නෙ හති දාන්නෙ නැතුව කියනවා
🦋 මේ දැන් නිව්ස් වලට පෙන්නලා මරපු හැම කෙනාවම මරලා තියෙන්නෙ වීවී කියලා එයාලාට ඔප්පු වෙලා කියලා ටේශි මට කෝල් කරලා කිව්වා ඔයාට ඕක කරන්න දෙන්න එපා කියලා මොකද එහෙම උනොත් ඔයාව ලේසියෙන්ම පොලීසියට අහුවෙනවා 😣
🌷 මෝහ් 😳 ඔත්තොක්කෙ..මැරුවේ වීවී මයි කියන්න එයාලාට සාක්ෂි කොහෙන්ද
🦋 ටේශි මට වීඩියෝ එකක් එව්වා මේක බලන්න..
Vedio start🚨 මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්..
පසුගියේ සති කිහිපය පුරාවට එක දිගට සිදු වූ සාහසික ඝාතන සඳහා වගකිව යුත්තා කවුරුන්ද යන වග මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා සොයාගෙන ඇත..එම ඝාතන සිදු දරන ලද්දෙ විසි තුන් හැවිරිදි තරුණයකු බව මේ වන විට පොලීසිය සොයාගෙන ඇති නමුත් මේ වන තෙක් ඔහු කවුරුන්ද යන වග සැක හැර තහවුරු කරගැනීමට එතුමාට නොහැකි වී ඇත..කෙසේ නමුත් ඔහුව සියලු දෙනා විවී යන නාමයෙන් අමතන බවත් ඔහු මානසික රෝගයකින් පෙලෙන බවත් සාක්ෂි රැගෙන පැමිනි පුද්ගලයා පවසා ඇත.. දැනටමත් පොලිස් ස්ථානාධිපතිවරයා ඝාතකකරුවා සෙවීමට මූලස්ථානයේ සිටින සියලුම දෙනාගේ සහ වෙනත් මූලස්ථාන වල රැඳී සිටින නිලධාරීන්ගේද සහයෝගය ලබාගෙන ඇත..සත්‍ය තොරතුරුත් සමඟ පැමැණි මම YN නාලිකාවෙන් කිම් යුන්ජී..
Vedio end
🌷 අනියා..කොහොමද එහෙම උනේ 😥 ක-කවුද වීඩියෝ කරේ ඒක..
🦋 ඔයාලා දෙන්නා දැන්මම මාත් එක්ක මගේ මැන්ශන් එකට යන්න එන්න ඕනි..ටේශි දැනටමත් අනිත් අයව අරගෙන එන්න ඇති..