වසර 2 කට පසු..💕
" බේබි ඔය මොකද කරන්නෙ ! "
" මම මේ ඔයාව බලන්න එන්න හැදුවේ "
" මම කියලා තියෙනවා ඔයාට තනියම පඩිපෙළ බහින්න එපා කියලා.."
" අයිගෝ ටේ පඩිපෙළ බැස්සා කියලා මුකුත් වෙන්නෙ නෑ "
" ඔහොම ඉන්න මම ඔයාව එක්කන් යන්නම්..ම්ම් දැන් කියන්නකො බලන්න බේබි මාව බලන්න ආවෙ ඇයි කියලා "
" නිකන් ඉතින් මගෙ හබී බලන්න මට හේතුවක් තියෙන්නම ඕනි නෑනෙ "
" පිස්සි..ඔයා මට කතා කරානම් මම එනවනේ..බලන්න ඔයා ඔය එන අතරමගදි කකුලවත් ලිස්සුවා නම් මොකද කරන්නෙ මම "
" ඒත් එහෙම උනේ නෑනෙ "
" වෙන්න කලින් තමයි මම මේ කියන්නෙ අනිත් දවසෙ පහලට එන්න ඕනි නම් මට කතා කරන්න ම්ම්..මම නැත්තම් අජුම්මාට හරි කතා කරන්න ඕනි හොදද "
" ඕකේ අප්පා..😗 "
" කෝලම මගේ..මගෙ චූටි පැටියා ඔම්මාට කරදර කරන්නෙ නෑ නේද "
ටේ කෙල්ලගෙ කකුල් දෙක ගාව දන ගහගෙන බඩට චූටි චූටි කිස් දෙන ගමන් කතා කරේ බඩට දැනෙන කිතිය නිසා කෙල්ලගෙ හිනා හඩින් එයාලගේ පුන්චි ගෙදර පිරිලා යද්දි.. ටේ prison එකෙන් නිදහස් උනු දවසෙ එයාව බලන්න ආවේ හනා විතරයි..ජිමින් හේසුට හොද වුනු ගමන් එයා එක්ක ඕස්ට්‍රේලියා ගිහින් තිබුනා..යුන්ගි අලුතෙන් ස්ටුඩියෝ එකක් දාලා ඒකෙ වැඩ එක්ක බිසී වෙලා හිටියා..එන්න බැරි උනත් යුන්ගි ටේ නිදහස් වෙලා ආපු ගමන්ම කෝල් කරා..එතකොට එවුන්හා , හොබී මැරි කරලා වෙන රටක පදිංචියට ගිහින් තිබුනා..වෙන රටකට ගියා කිව්වාම දුක නොහිතුනාත් මැරි කරා කිව්වාම ටේට හිතට දරාගන්න බැරි තරම් දුකක් දැනුනා.. එයාට දැනුනා මෙච්චර දෙයක් කරලත් එයා වෙනුවෙන් වටිනාකමක් දෙන්න ඉන්නෙ හනා විතරයි කියලා.. එවුන්හා එයාගෙම නංගි වෙලාත් එදා එයාට ඉතුරු උනේ හනා විතරයි.. ඒ බැදීම තවත් ශක්තිමත් වෙන්න ඒක ලොකු හේතුවක් උනා.. හනා කවදාවත් ටේට විහිලුවටවත් එයාව කවුරුත් බලන්න ආවේ නෑ මම විතරයු හිටියෙ කියලා නෑ.. ඒ හිතේ හනා ගැන තියෙන ආදරය තව තව වැඩි වෙනකොට අවුරුද්දකට කලින් එයාලා එයාලගෙම උනා.. මැරි කරපු දවසෙ හනාට මහන්සියටම නින්ද ගිහින් හිටියත් ටේ ඒක මාර්ගෙන් මෙච්චර කල් කෙල්ල හංගපු දෙයක් දැන් ගත්තා..එවුන්හා හැමදාම කෙල්ලට බැනලා තිබුනා එයාගෙ ඔප්පාව අල්ල ගත්තා එයාලව වෙන් කරා කියලා.. ටේ එදා එවුන්හාගෙ නම්බර් එක බ්ලොක් කරා කියලා හනා තවමත් දන්නෙ නෑ..
![](https://img.wattpad.com/cover/324117245-288-k307548.jpg)