Chapter 7

141 27 0
                                    

උදේ ඉදන් තියන වැස්ස නිසා හැමෝටම වගේ දවසම වෙනදාට වඩා ටිකක් එපා වුනු දවසක් උනා..වැස්ස නිසා සමහර අයට එයාලගේ වැඩ වලට යන කාලය වෙනදාට වැඩිය ටිකක් වැඩි වුනා වගේ දැනුනා..මොකද වැස්සට හුඟක් අය කම්මැලි වෙනවා..නමුත් සමහරක් අයට වැස්ස සුන්දර එකක් උනා..ආදරවන්තයින්ට කාලෙකින් වැටෙන මේ වැස්ස එයාලාගෙ වැලඳගැනීම් වලින් එයාලාගේ ශරීරය උනුසුම් කරගන්න කාලයක් ආවා වගෙයි දැනුනේ..බැල්කනි එකට වෙලා වැස්ස නිසා අඳුරු වෙලා තිබුනු අහස දිහා බලාගෙන හිටපු කෙල්ලට නම් මේ වැස්ස ගොඩාක් අමුතු එකක්..වැස්සට ආස කෙල්ල මේ වැස්සට හුඟක් වෛර කරා..මේ වහින වැස්ස හුඟක් මූසල එකක් කෙල්ලට හිතුනෙම ඒක..අතේ තිබුනු කෝපි කෝප්පෙන් උගුරක් බීපු කෙල්ල ඉතුරු ටික බැල්කනි එකෙන් පහලට හැලුවා..නොතේරෙන අමුතු දෙයක් කෙල්ලගෙ ඔලුවේ කැරකුනා..ටේ කවදාවත් නැතුව උදේ ඔම්මා එක්ක රන්ඩු වෙලා ගෙදරින් ගියා ගියාමයි තාම ආවේ නෑ..කෙල්ල කොල්ලාට කොච්චර කතා කරාත් කොල්ලා පෝන් එක පවා ඕෆ් කරලා තිබුනා..ටිකකින් ගේට් එකෙන් ඇතුලට ආපු මෝටර් බයික් එකේ සද්දෙට කෙල්ල හිටපු මනෝ ලෝකෙන් එලියට ආවා..කෙල්ල ⁣කෝප්පෙ ටේබල් එක උඩින් තියලා පහලට ගියේ ආපු කෙනා කවුද කියලා කෙල්ල දන්න නිසා..

" ජිමින් කෝ ඔප්පා.."

" ඌ ක්ලබ් එකේ වුන්හා..මම කොච්චර කීවත් ඌ ඇහුවේ නෑ..මම ආවේ ඔයාව එක්කන් යන්න.."

" මම චේන්ජ් කරගෙන එන්නම් "

" ඔයාගෙ කාර් එකේ යතුරත් අරගෙන එන්න එලිය හොඳටම වහිනවා බයික් එකේ යන්න බැරි වෙයි.."

" හ්ම් හරි.."

විනාඩි පහක් විතර යනකොට කෙල්ල ඇදගෙන හිටපු ඇඳුමට උඩින්ම ජැකට් එකක් දාගෙන පල්ලට ආවා.. කොල්ලාට කෙල්ලගේ වෙනසක් තේරුනා..කෙල්ලගෙ ඇස් මොනාහරි කියනවා..කෙල්ලගෙ තොල් වෙව්ලනවා..කෙල්ල වෙනදා වගේ නෙමෙයි කියලා කොල්ලාට මුල ඉදන්ම ඒක තේරුනා..ඒත් මේ ඒක අහන්න වෙලාවක් නෙමෙයි දැන් ටේව බලන්න යන්න ඕනි කොල්ලාගෙ හිතේ තිබුනේ ඒක නිසා කොල්ලා ඒක අමතක කරා..කොච්චර අමතක කරන්න හැදුවත් කෙල්ල කාර් එකේ යද්දිවත් මුකුත් කතා කරේ නැති එක කොල්ලාට ප්‍රශ්නයක් උනා..මොකද එයා දන්න එවුන්හා කවදාවත් මෙහෙම හිටපු කෙනෙක් නෙමෙයි..

Vincent Van ( 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 )Where stories live. Discover now