මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්..🚨
පෙරදින මධ්‍යම රාත්‍රියේ අලුයම 1.50 ට පමණ හන් ගඟ අසල කාන්තාවකගේ මලසිරුරක් ගම්වාසීන්ට හමුවී තිබේ.. සාහසික ලෙස ඝාතනය කර තිබූ එම මලසිරුර අවුරුදු විසි එකක් වන චන්ග් ජේහා නැමැති තරුණියගේ බව මේ වන විට වැඩිදුර පරීක්ෂණ වලින් පොලීසිය තහවුරු කරගෙන ඇත..ඝාතනය සිදු වී පැය එකහමාරකට ආසන්න කාලයක් සිරුර අයිස් බඳුනක දමා තිබී ඇති අතර මලසිරුර කුණු වීම වැලැක්වීමට එලෙස සිදුකරනු ඇතැයි මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත..කෙසේ නමුත් හදිසියේ සිදු වූ මෙම අනතරුට හේතු වූ පුද්ගලයා කවුරුන්ද යන වග අසල සීසීටීවී දර්ශන ඔස්සේද සොයාගැනීමට නොහැකි වූ බව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත..මේ පිලිබඳ සත්‍ය තොරතුරුත් සමඟ ඔබ සමඟ එකතු වූ මා Sg නාලිකාවෙන් කිම් යුන්ජී..
" ඒ ටේ උබ මේ නිව්ස් එක දැක්කාද..😐 "
" මොකක්ද ජිමින් "
" ජේහාව මරලා බන්..😐 "
( Cough )
" මො..මොකක් 😳 ජේහා කියන්නෙ චන්ග් ජේහා මේ අපේ එවුන්හාගෙ යාලුවා 😶 "
" ඔව් ඒකි තමා..උබෙන් යාලු වෙන්න ඇහුවේ.."
" අඩෝ ඒකි මන් නිසා සූසයිඩ් කරගෙනද දන්නෙ නෑ 🙂 "
" ගොන් කතා නොකියා ඉදපන් බන්..ඒකි ඊටපස්සෙ කොල්ලෙක් එක්ක ඩේට් කරානේ.."
" ආහ් ඒක තමා අමතක වුනා..මොනා උනත් පව් 😕 මන් එවුන්හාව බලලා එන්නම්..අනිවාරෙන් දැන් වැලහින්න වගේ අඬනවා ඇති.."
" යමුකො මාත් එන්නම්.."
කොල්ලො දෙන්නා කෙල්ලගෙ කාමරේට ගියේ කෙල්ලව බලන්න..ටේගෙ අනුමානය හරි කෙල්ල කොට්ටෙකුත් බදාගෙන හොඳටම අඬනවා..ටේ කෙල්ල ලඟින් ඉදගෙන කෙල්ලගෙ කොන්ඩේ අතරින් ඇගිලි අරන් ගිහින් සනීපෙට අත ගෑවා..කෙල්ල දැනුනු සනීපෙට හැරිලා බලද්දි ටේයි ජිමිනුයි ඉන්නවා දැකලා ටේව බදාගෙන මහ හයියෙන් අඬන්න ගතතා..ටේත් කෙල්ලට මුකුත් නොකියා කෙල්ලව පපුවට තුරුල් කරගෙන ඔලුව උඩින් නිකට තියාගෙන කල්පනා කරා..ජිමින් ටේට තට්ටුවක් දාලා එලියට ගියේ එයා එතන හිටියත් වැඩක් නැති වුනු නිසා..කෙල්ල නොදැක්කාට ජිමින් නොදැක්කාට ටේගෙ ඇස් වලින් නොනවත්වාම කඳුලු කැට පේලි ගණන් වැටුනා..ඒත් කොල්ලා තමන්ව පාලනය කරගන්න උපරිම උත්සාහ කරා වගේම කොල්ලා ඒක කරා..තවදුරටත් අඬන්නෙ නැතුව ඉන්න කොල්ලාට පුළුවන් උනා..ඒත් ඇයි කොල්ලා අඬන්නේ ? කොල්ලාට ජේහා එක්ක කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ..අඩුම තරමේ කොල්ලා කෙල්ල එක්ක වචන දහයක්වත් කතා කරලා තිබුනේ නෑ..ඉතින් ජේහා මැරුනාම කොල්ලා අඬන්නෙ ඇයි ? සමහරවිට ඒ තමන්ගෙ නංගි අඬන නිසා වෙන්න පුළුවන්.. මොකද ඕනම අයියා කෙනෙක් කැමති නෑ තමන්ගෙ නංගි අඬනවා බලන්න..ටේටත් ඒ හැඟීම ඒ විදියටම දැනෙන්න ඇති..
