" මං මොනවා ද කරන්න ඕනේ ඔයා මට ආදරේ කරන්න නම්.. "
යුන්ගි ජිමින්ව අතෑරලා දාලා යන්න හදද්දී ජිමින් කෑගැහුවා..
" මොනවත් කරන්න ඕනේ නෑ.. ආදරේ කියන්නේ ඇති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉඹේම ඇති වෙන දෙයක්.. "
" හරියට මං ඔයාට කරනවා වගේ.. "
" වෙන්න ඇති.. "
ඕනාවට එපාවට යුන්ගි කියද්දී ජිමින් යුන්ගිව එයාගේ පැත්තට හරවා ගත්තා..
" යුන්ගියා මං දිහා බලන්න.. මට නපුරු වෙන්න එපා..
මගේ හදවත ඔයාට මං දීලයි තියෙන්නේ.. මං ඔයාට ආදරෙයි නම් ඇයි ඔයාට බැරි මට ඔයාගේ ආදරේ දෙන්න.."
යුන්ගිගේ මූණ අත් වලින් ජිමින් තද කරද්දී යුන්ගි ඒ අත් ගසා දැම්මා..
" ඔයා හැමදාම කරන්නේ ඕක.. මාව පොළඹවනවා ඔයාට ඕනේ දේවල් කරගන්න! "
" මං ඒම කරන්නේ නෑ.. "
" දැන් ඔයා මොකක් කරනවා කියලා ද හිතාගෙන ඉන්නේ? "
උපහාසයෙන් යුන්ගි අහද්දී ජිමින්ට කට උත්තර නැති වුණා..
" මං ඕනේ ම දෙයක් කරන්නම්.. ඔයා මට ආදරේ දෙනවා නම්.. "
හීනි හඬින් ජිමින් මුමුණද්දි එයා ළඟ ම හිටපු යුන්ගිට ඒක හොදටම ඇහුණා..
" ඔයාට මට ආදරේ කරන්න ඕනේ නෑ ජිමින්.. "
" මොකද නැත්තේ ? තමුන් මගේ ජීවිතේට ආවේ මට ආදරේ කරන්න නෙමෙයි ද කියනවා..! මං තනියම ඉද්දි මොකට ද ආවේ මට ආදරෙයි කියාගෙන.. "
" මං ආවේ නෑ ඔයා මාව ගෙන්නුවා.. ඔයාට ඕනේ විදිහට මාව හැසිරෙව්වා.. "
" තමුසේ මොකද්ද කියවන්නේ ..! මං තමුසෙට කතා කරේ නෑ.. "
" ඔහේට මුල අමතක වුණු එක මගේ වැරද්දක් නෙමෙයි..! "
" මට මුල මතක නැතුව ඇති.. ඒත් දැනගන්නවා දැන් මං ගොඩක් දුර ඇවිත් ඉවරයි ඔයත් එකක්ම.. ඔයා ගියොත් මං මැරිලා යාවී.. "
මුල් ටික තරහින් කීවත් අන්තිම ටික කියද්දී ජිමින්ගේ කට හඬ බිඳුණා..
" එහෙනම් මැරෙනවා.. "
" මොකද්ද? ඔයා මට කියන්නේ - ඔයා ඔයා මට කියන්නේ මැරෙන්න කියලා ද..? "

YOU ARE READING
𝐖𝐀𝐒𝐓𝐄 𝐈𝐓 𝐎𝐍 𝐌𝐄 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [ 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 √ ]
Fanfictionමගේ හදවත ගැහෙන්නේ ඔයා වෙනුවෙන් කියලා කට වචනෙට කීවට මගේ හදවත ගැහෙන්නේ ඔයා වෙනුවෙන් විතරමයි.. මං දිහා බලන්න.. නාස්ති කරන්න ඔයාගේ කාලය මං වෙනුවෙන්.. නාස්ති කරන්න හැමදේම.. මං වෙනුවෙන්.. මං ඔයාට මගේ හදවත දුන්නනම් ඇයි ඔයාට නාස්ති කරන්න බැරි වචනයක්වත් මං ව...