CHAPTER 6

114 51 0
                                    

උදෙන් ම කවුළුවක් අස්සෙන් හිරි පොද ඇවිල්ලා ජිමින්ගේ මූණට වැටෙද්දී ජිමින් යාන්තමට ඇස් ඇරියා..ඊයේ කොයි වෙලාවේ කොහොම නින්දට වැටුණා ද කියලවත් ජිමින් දැනගෙන හිටියේ නෑ..ජනේල්ලේ අයිනේ නිදාගෙන හිටපු ජිමින්ගේ මූණට හිරිකඩ වැටුණේ ඊයේ නිදාගන්න කළින් ජනෙල් පියන් වහලා තිබුණේ නැති නිසා..

ජිමින් ඇස් දෙක ඇරලා කාමරේ වටේටම කැරකෙව්වේ හිරි පොද වැටෙන ජනේල්ලෙවත් වහන්නේ නැතුවයි..

" යුන්ගියා ඔයා මාව දාලා ගියා ද..? "

තමන් නැගිටිද්දී වෙනදාට හිනා වෙලා ඉන්න යුන්ගි අද කාමරෙවත් නැති වුණාම ජිමින්ට ආයෙත් වේදනාව දැනෙන්න ගත්තා..

ඇඳට අත් තද කරලා නැගිටපු ජිමින් කාමරෙන් එළියට දුවගෙන ගියේ ඇඳ ඇතිරිලි ඔක්කොම හිරි පොද වලින් තෙමන ජනේල්ලේ පියන් වහන්නෙත් නැතුවමයි..

" ඇයි මට කියන්නේ නැතුව ආවේ..? "

පුටුවක් උඩට වෙලා පියන් වහලා නැති තවත් කවුළුවකින් එළියේ ඇදහැලෙන මහ වැස්ස දිහා බලාගෙන හිටපු යුන්ගිගෙන් ජිමින් කෑගහලා අහද්දී යුන්ගි පිටිපස්ස හැරිලා ජිමින්ට රැව්වා..

" මොකද්ද උදේ පාන්දර ම..? "

යුන්ගි හඬ උස්‌ කරලා අහද්දී ජිමින් ගැස්සුනා..

" ඇ.යි.. ඇයි ඔය නපුරු වෙලා..? "

" ආයෙත් පටන් ගත්තා ඇඬියාව.. ශීට්!.. "

" ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ.. මං ගිහින් ආවට පස්සේ ඔයා මොකද ඔච්චර තරහින් ඉන්නේ.. "

" හුහ්.. මේ මං? "

යුන්ගි එයා ඉදගෙන හිටපු පුටුව පස්සට කරන ගමන් නැගිටලා අඩියට දෙකට ජිමින් ළඟට ඇවිල්ලා කීවේ තමන්ගේ පැත්තට දඹර ඇඟිල්ල දික් කරගන්න ගමන්..

" මං තරහින් නෙමෙයි.. මේ මගේ හැටි.. "

" නෑ !! "

ජිමින් යුන්ගිගේ කොණ්ඩෙන් ඇදලා විසි කළේ යුන්ගි මේසේ වැදිලා බිමට වැටෙද්දී..

" තමුන් එහෙම නෑ!! තමුසේ නරක නෑ තේරුණා ද..? තමුන් මට ආදරෙයි.. මට බනින්නේ නෑ මගේ යුන්ගි.. "

ජිමින් හයියෙන් කෑගහද්දී බිම වැටිලා හිටපු යුන්ගි හිනා වුණා ..

𝐖𝐀𝐒𝐓𝐄 𝐈𝐓 𝐎𝐍 𝐌𝐄 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [ 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 √ ]Where stories live. Discover now