CHAPTER 5

113 48 2
                                    

" මොකද ඔතනට වෙලා අඬ අඬ කරන්නේ ? "

ජිමින්ගේ ඇස් කඳුලින් බර වෙලා තිබුණු නිසා දොර ඉස්සරහ අත් දෙක වන වන ඉන්න යුන්ගිව හරිහැටි නොපෙනුණත් එයාගේ කටහඬ ජිමින්ට අඳුරගන්න මහ වෙලාවක් ගියේ නෑ..

" ඔයා කොහේද ගියේ.. "

යුන්ගිගේ කරට පනින ගමන් ජිමින් ඇහුවේ තාමත් එයාගේ කඳුළු කම්මුල් අස්සෙන් පෙරෙද්දී..

" මං බය වුණා.. ඔයා නැති වෙලා කියලා.. "

" බය වෙන්න එපා.. ඔයා ඉන්නකන් මං කවදාවත් නැති වෙන්නෑ.. "

කඳුළු වලින්ම පෙගිලා රෝස පාට වෙලා ඉන්න ජිමින්ගේ නළලින් හාදුවක් තියන ගමන් යුන්ගි කීවා..

" දැන් අයින් වෙන්න මගේ ඇඟ උඩින්.. "

තාමත් තමන්ගේ ඇඟේ එල්ලිලා ඉන්න ජිමින්ව යුන්ගි තල්ලු කරද්දී ජිමින් ඔලුව උස්සලා යුන්ගි දිහා බැලුවේ ' ඇයි මේ කියලා ' ඇස් වලින් අහන ගමන්..

" දැන් ඉතින් බදාගෙන හිටියා මදැයි.. "

යුන්ගි එහෙම කියන ගමන් ආයෙත් ජිමින්ව තල්ලු කළේ ජිමින්ගේ හිත හීනියට රිදිගෙන යද්දී..

" ඇයි මේ..?

අනේ.. ඇ..යි මේ..? "

ජිමින් යුන්ගිගේ අතක් අල්ලගන්න ගමන් ඇහුවේ තමන් එක්ක මොහොතකට කළින් ආදරෙන් හිටපු මනුස්සයා එකපාරටම නපුරු වුණේ ඇයි කියලා හිතාගන්න බැරි වුණු නිසා..

" ඔයා දන්නවා නේ මේ මගේ හැටි.. "

යුන්ගි එයාගේ අත ඇදලා ගන්න ගමන් කීවේ ජිමින්ගේ ඇස් ආයෙත් බොඳ වෙන්න හේතුවක් හදලා දීලයි..

" ඔයා නපුරු කෙනෙක් නෙමෙයි.. ඔයා මට ආදරෙයිනේ.. ආදරේ කරන අය නපුරු වෙන්නේ නෑ.. "

" ඕහ් ජිමින්.. ඔයාගේ විකාර අහගෙන ඉන්න මට වෙලාවක් නෑ.. මට මහන්සියි..නිදාගන්න ඕනේ.."

ජිමින්ගෙන් ඈත් වෙලා නිදන කාමරේ අස්සට යුන්ගි රිංගද්දී ජිමින් බලාගෙන හිටියේ හිත් වේදනාවෙන්..

යුන්ගි කවදාවත් ජිමින්ව තුරුළු කරගන්නේ නැතුව නිදාගන්නේ නෑ..ජිමින් නින්දට යනකන් කවදාවත් යුන්ගි ඇස් පියාගන්නෙත් නෑ.. ඒ වුණාට කවදාවත් නැතුව යුන්ගි ජිමින්ටත් කළින් එයාව මඟ ඇරලා තනියම නින්දට ගියපු එක ජිමින්ගේ හදවතට කටුවකින් අනිනවා වගේ රිද්දෙව්වා..

" එයා වෙනස් වෙලා.. "

_________________________________________
22:53
11.10.22

Pub: 08.41
        12.10.22

Wordcount : 249

©anti-social-cat

𝐖𝐀𝐒𝐓𝐄 𝐈𝐓 𝐎𝐍 𝐌𝐄 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [ 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 √ ]Where stories live. Discover now