හත්වන දිගහැරුම

78 16 7
                                    

උදේම  හීන් හුලගක් භානුගෙ සිනිදු කෙස් රොදවල් එහා මෙහා කරන් හමද්දි    භානු ඇගිලි වලින් බිම ඉරි ඇන්දා.
එයාගෙ සුරාජ් අයියා ඇහුවා ප්‍රශ්නයක්. සරලයි. ඔයාට මාව කොහොමද දැනෙන්නෙ කියලා. ඒත් දැනෙන විදිහ කොහොම කියන්නද. ලැජ්ජාව ඔක්කොටම වඩා ලොකුයිනෙ.

" භානු?"

" ඉ...තිං.. අන්..අනෙ.. "

තෙපර බාන භානුගෙ මූන දිහාටික වෙලාවක් බලන් උන්න සුරාජ් භානුට එතනම ඉන්න දීලා ගෙට ආවෙ අගුරු කෑලි ටිකක් දෙන්න.

" දැන් මන් කියන්නද ඔයාව දැක්කම මගෙ  හාට් එක පුපුරලා කුඩුපට්ටන් වෙන්න එනවාකියලා. ඒපාර අහයි ඇයි කියලා. එතකොට මන් මොකක්ද කියන්නෙ ?
මන් කියන්නද ඔයාව ඇගේ වැදුනත් කරන්ට් වදිනවා වගේකියලා. එයා බලයි මට පිස්සුද කියලා.
ඒත්... ඉතිං එයත් මන් දිහා අමුතුවට බලනවනෙ වෙලාවකට. අනික භානු.. භා..නු.... ඒක හරියට නිකන් ආදරේ කරන..කෙ
ඊ.....මොනාද යකෝ මේ හිතන්නෙ...."

භානුගෙ ඔලුව නටන්න පුලුවන් වන්නම් ඔක්කොම ටික නටද්දි සුරාජ් අගුරු කෑලි දෙකකුත් අතේ තියන් ගේ පැත්තෙ ඉදන් කෑගහද්දි භානු අඩියට දෙකට කුස්සිය පැත්තට ගේ වටෙන්ම දිව්වා.

" ආ මෙන්න. "

" තැන්ක්ස් සුදූ.."

කටට ආපු පාරට  භානු සුදූ කියලා අගුරු කෑලි දෙකත් උස්සන් දාස් පෙතියා මල් එක පෙලට පිපින දාස් ගස් දෙපැත්තෙ පිරුන අඩි පාර දිගේ ලිද ගාවට දිව්වා.
මන් එන්නම් කියනකන්වත් නොඉද පහලට දුවපු නිසා සුරාජුත් ඉක්මනින් ඉස්සරහා දොර වහලා දාලා ලිද පැත්තට ගියේ මොනා වුනත් තනියම ඒ ලිදේ වතුර අද්දවන්න තියෙන බයට.

භානු අගුරු කෑලි දෙකම කටට දාගෙන දත්වලින් හිමින් හප හප ඉද්දි ඈතින් සුරාජ් එනවා දැකලා ලග තිබ්බ රෙදි අපුල්ලන ගල උඩ වාඩිවුනා. හපලා පොඩි කරගත්ත අගුරු පිරුන කටටම ඇගිල්ල දාලා දත් ටික අතුල්ලන ගමන් සරමත් කැහැපට ගහන් සුරාජ් එන ගමන දිහා භානු බලන් උන්නෙ අඩම්බරකමක් හිතේ කොනක තියන්. සුරාජ් එක්ක ගත්තම භානු කියන්නෙ හරි පුංචි කොල්ලෙක්. අනික ඒ අත් පය හරිම ලාමක වුනා වගේම භානුගෙ හමත් කිරි පාටට හුරු රෝස පාටක් ගත්තා. ඒත් සුරාජ් හැම අතින්ම බැට කාලා මහ පොලව එක්ක ඔට්ටුවෙලා මහ මිනිහෙක් තරමටම පරිනත පෙනුමක් ගත්තා.

නොනිමි පෙම ❤Where stories live. Discover now