Chapter 15 ☾︎❀

136 24 2
                                    

You Are My Wrong Decision ?.. 🖤

ඒ එයා....

යීයී....

එයා කොහොමද මෙතන හොයා ගත්තේ... ඒ කියන්නේ මේ මං කරපු හැමදේකම අවසානේ කියන එකද... මට බනීව බේරගන්න බැරි වෙයිද... එයාව මට නැතිවෙයිද.......... ආයේමත් සැරයක් ඒ දේම වෙයිද......

ඇති...ඇති...යීබෝ.. හොදටම ඇති... ඔයා මෙහෙම බය වෙන්න පටන් ගත්තේ කවදා ඉදන්ද... අද හරි හෙට හරි නැත්තම් තව මාසෙකින් හරි ඔයාට එයාලව හම්බවෙනවා.... දැන්නම් ඒ වෙලාව මම මගේ එකම වස්තුව මගෙ බනී වෙනුවෙන් ඕනාවටත් වඩා ශක්තිමත්.....

" වන්ග් යීබෝ ඔච්චර මොනවද කල්පනා කරන්නේ ආ... මාව මෙහෙම දැකපු එකට පුදුම උනාද ම්ම්..... "

" අත ගන්නවා අහකට යියී... මාව අල්ලන්න ඔයාට එච්චර හයියක් කොහෙන්ද ආ... "

" අද ඇල්ලුවත් මොකද ඉස්සරහට ඇල්ලුවත් මොකක්ද ඒකේ වෙනස යීබෝ... ඔයා කොහොමත් මගෙ තමයි... "

" එච්චර දුරට හීන මවන්න එපා යීයි... හීන හැබෑකරගන්න බැරි උනාම හරියට රිදෙනවා.. ඒ හින්දා පරිස්සමෙන් . "

" ඒක මං බලාගන්නම් මගෙ යීබෝ ම්ම්.. කෝ මගෙ සහෝදරයා ඇතුලේ ඉන්නවද... නැත්තම් මේ වෙනකොටත් එයා අපි අතර නැද්ද... "

යීයී හිනාවෙලා එහෙම කියනකොට මං මෙච්චර වෙලා පාලනය කරන් හිටපු කේන්තිය දෙගුණ තෙගුණ වෙලා උඩට ආවා... මට ඕනම දෙයක් ඉවසන්න පුලුවන් හැබැයි මගෙ ආදරේ, මගෙ බනීට කවුරුත් වචනයක්වත් කියනවා මට ඉවසගන්න බෑ..

" කටවහගන්නවා යීයී... !! "

මං යීයීගෙ බෙල්ලෙන් අල්ලන් බිත්තියට තද කරා... යීයී මගෙ අතට එයාගෙ අත් දෙකෙන් ගගහා බේරෙන්න බලනවා.. ඒත් ඒකෙන් වෙන්නේ තව තව මගෙ කේන්තිය වැඩි වෙන එක විතරයි...

" තමුසෙට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද යීයී ආ.... කෙල්ලෙක් නේද තමුන්...

මට එතනින් එහා මුකුත් කියාගන්න බැරිවුනේ කවුරුහරි ඇවිත් මාව තල්ලු කරපු හින්දා... මට ඒ කවුද කියලා අදුනගන්න ගොඩක් වෙලා ගියේ නෑ ඒ හිටියේ යැන්ග්... යීයීගේ අයියා....

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐌𝐲 𝐖𝐫𝐨𝐧𝐠 𝐃𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 ? -  𝐹𝐹 - 𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 حيث تعيش القصص. اكتشف الآن