🖤18🖤

4.1K 629 185
                                    

රතු උන බෝල් ඇස් එලියට පනින්න තරම් ඉදිමෙන්න හේතුව රෑ එලි වෙනකන් නිදි මරපු එක වගේම තාමත් දිලිසෙන ජන්කුක්ගෙ ඇස් දැකපු ජිමින්ට තේරුනා ජන්කුක් සෑහෙන්න වෙලාවක් අඩලා කියල. ටේහ්‍යුන් ගෙ කියලත් ලොකු වෙනසක් ජිමින් දැක්කෙ නෑ. හීනි දිග ඇස් වලට ලේ පුරලා රතුම රතු වෙලා විතරක් නෙවෙයි වෙනදට තියුණු බැල්මක් තිබුන ඒ ඇස් අද මලානික වෙලා.

දෙන්නා එක්ක කතා කරලා ප්‍රශ්න විසදගනී කියලා හිතලා ටේකුක් දෙන්නව එක කාමරේට යැව්වත් වෙලා තියෙන්නෙ තමන් බලාපොරොත්තු උන දේට විරුද්ධ පැත්ත කියල ජිමින් දැනගත්ත වෙලාවෙ ඒ විදියට ටේකුක් දෙන්නව තනි කරපු එක ගැන ජිමින් තමන්ටම දොස් කියාගත්තා.

වෙලා තියෙන දේ අනුමාන කලත් උදේ නැගිටපු වෙලාවෙ ඉදන් ජන්කුක්ගෙන් වත් ටේහ්‍යුන් ගෙන් වත් ජිමින් ඒ වෙලාවෙ කිසිම දෙයක් අහන්න නොගියෙ රිදිලා තියෙන හිත් තවත් රිද්දන්න ජිමින්ට ඕනි උනේ නැති නිසා.

ජිමින් උදේ නැගිටිද්දි ජන්කුක් කුස්සියට වෙලා උදේ කෑම ලෑස්ති කරනවා. ජන්කුක්ගෙ හැටි එහෙමයි. හිතේ මොන තරම් දුකක් වේදනාවක් තිබුනත් ඒ හැමදේම හංගගෙන අනුන් වෙනුවෙන් කරන්න ඕනි යුතුකම් වගකීම් හරියටම ඉශ්ට කරන්න ජන්කුක් පොඩි කාලෙ ඉදන් පුරුදු වෙලා හිටියා.

පහලට ආව ජිමින් ජන්කුක් එක්ක එකතු වෙලා ජන්කුක් ලෑස්ති කරලා තිබුන පෑන්කේක් හදලා ඉවර වෙද්දිම වගේ ටේහ්‍යුනුත් පහලට ආව නිසා තුන්දෙනා එක්කම උදේ කෑම ගත්තත් කෑම මේසෙ පුරාවටම පැවතුනේ නිහඬතාවක් විතරයි.

"ජන්කුකී කවුරු හරි බෙල් කලා"

"ඔව් හ්‍යුන්ග් මං බලලා එන්නම්" ගෙදර බෙල් එක වදින සද්දෙට පුටුවෙන් නැගිටපු ජන්කුක් ඉස්සරහ දොර පැත්තට යද්දි ඒ වෙද්දි කාලා ඉවර වෙලා හිටපු ටේහ්‍යුනුත් පුටුවෙන් නැගිට්ටා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ඔහ් බෝගම් හ්‍යුන්ග්"

දොර ලග හිටපු බෝගම්ට ලාවට හිනාවකින් සංග්‍රහ කරපු ජන්කුක් බෝගම්ට ගේ ඇතුලට එන්න ඉඩ දෙන ගමන් දොර ලගින් මෑත් උනත් ඒ වගේ වෙලාවක බෝගම් මෙහෙම ආව එක ගැන ජන්කුක්ගෙ හිතේ පැහැදීමක් නම් තිබුනෙ නෑ.

DIVORCE || TKWhere stories live. Discover now