🖤32🖤Epilogue🖤

6.5K 728 382
                                    

Epilogue එක තියෙනවා කියල මං කිව්වා🤭

_________________________________________________

"මමා මං දොයියගත්තම කොහෙවත් යන්නෙ නෑනෙ" පුන්චි කොලු පැටියා එයාගෙ මමාගෙ ඔඩොක්කුවට ඔලුව තියාගෙන අහද්දි ලස්සනට හිනාවුන ජන්කුක් නෑ කියන්න ඔලුව වැනුවා...

"මමා කොහෙ යන්නද පුතු... මගෙ හොද බබා දැන් නිදාගන්නකො" ජන්කුක් ආයෙත් ටේහ්‍යුන් ගෙ කපාපු පලුවක් වගේ ඉන්න පුන්චි පැටියගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි තුඩු යවලා අතගාන්න ගත්තා.

"ගුඩ් නයිට් මමා.. ඔන්න යන්නෙ එහෙම නෑ කොහෙවත්" ඒක නම් ජන්කුක්ට ඇහුනෙ තරවටුවක් හෝ අණකිරීමක් විදියට..

"හරි හරි මගෙ පණ්ඩිත සීයේ.. ගුඩ් නයිට් හොදද මමා ආදරෙයි ගොඩක්" ඔඩොක්කුවෙන් ඉස්සිලා ජන්කුක්ගෙ කම්මුලට හාදුවක් දුන්නු මුරන්ඩු කොලු පැටියා කොට්ටෙන් ඔලුව තියාගනිද්දි ටේබල් එක උඩ පුන්චි එලියක් විහිදන ගමන් තිබුන ලෑම්ප් එක ඕෆ් කරපු ජන්කුක් ඒ පුන්චි නලලතින් සෙනෙහස පිරුනු හාදුවක් තවරන්න අමතක කලේ නෑ...

පුතු පැටියට නින්ද යනකන් ඉදලා තමන්ගෙ ආදරණීය සැමියා ගාවට යනවා කියල හිතන් හිටියත් කොට්ටෙට ඔලුව තියාගත්ත හැටියෙ ජන්කුක්ටත් නොදැනි ජන්කුක්ට නින්ද ගියා..

ටික වෙලාවක් ජන්කුක් එහෙම නිදාගන්න ඇති.. ඒත් කවුරු හරි තමන් දිහා බලන් ඉන්නවා වගේ හැගීමක් දැනෙද්දි නින්දෙන් ඇහැරුනු ජන්කුක් ඉක්මනින් ඇස් ඇරලා වටපිට බැලුවා..

ෆෝන් එකේ ටෝච් එක විතරක් එලියක් විදියට පත්තු කරගෙන ජන්කුක්ගෙ ලග හිටගෙන මූන බෙරි කරන් බලන් ඉන්න ටේහ්‍යුන් දැකපු ගමන් ජන්කුක්ට හිනා යන්න ආවත් ටේහ්‍යුන් පැනපු ගමන් ජන්කුක්ගෙ තොල් උඩින් අත තිබ්බෙ බැරි වෙලා හරි ජන්කුක්ගෙ හිනාවෙන් ඒ දෙන්නගෙ දඩබ්බරයා නින්දෙන් ඇහැරියොත් ටේහ්‍යුන් ගෙ මුලු සැලසුමම වතුරෙ යන නිසා.

"නිදි නේද රාස්ස පැටියා" ජන්කුක්ගෙ කන ලගට නැඹුරු උන ටේහ්‍යුන් රහසින්ම ඇහුවා.. ජන්කුක් ඔලුව උඩ පහල කරලා උත්තර දෙද්දි,

"මං බලන් හිටියා ඔයා එනකන්... නැතිම තැන හොයාගෙන ආවෙ" ටේහ්‍යුන් ගෙ මූන බෙරි වෙලා.. පුතාට හපන් අප්පා කියල ජන්කුක්ට නොහිතුනා නෙවෙයි!

DIVORCE || TKWhere stories live. Discover now