🖤19🖤

4K 629 137
                                    

"ජන්කුකී" රින් වෙන්නත් කලින් ජන්කුක් ජිමින්ගෙන් ආව කෝල් එක ආන්ස කලේ ජන්කුක් ටික වෙලාවක ඉදන් ඒ කෝල් එක වෙනුවෙන් බලන් හිටියා වගේ. ඇත්තටම ජන්කුක් බලන් හිටියා ඒ කෝල් එක වෙනුවෙන්....

"හ්‍යුන්ග්... ඔයා ගියාද බලන්න" ජන්කුක්ගෙ කටහඩ කලබලයි.. ටිකක් විතර!

ඇත්තටම ජන්කුක් ජිමින්ට උදේ කෝල් කලේ ටේහ්‍යුන් ව ටිකක් බලලා එන්න කියල ජිමින්ගෙන් ඉල්ලන්න. මොකද ටේහ්‍යුන් රෑ නාපු එක වගේම නිදිමරපු එකනිසා ටේහ්‍යුන් අසනීප වෙයි කියල ජන්කුක්ට බය හිතුනා.. සමාව දෙන්න අකමැති උනත් ජන්කුක් තාමත් ටේහ්‍යුන් ට එදා තරම්ම ආදරෙයි...

"ඔව් බබා මං ගිහින් දැන් ආවෙ.. හොස්පිටල් එකටත් එක්කන් ගියා මං ටේව"

"හොස්පිට්ල්... ඒත්.. ඒත් ඇයි හ්‍යුන්ග්" ජිමින්ගෙ කතාව නිසා ජන්කුක් තවත් ටිකක් කලබල වෙද්දි ජන්කුක් කලබලෙන් කියල තේරුනු ජිමින්,

"කලබල වෙන්න එපා ජන්කුකී... දැන් සේරම හරි. පොඩි උනක් තිබුනා මං හොස්පිට්ල් එක්කන් ගිහින් ඒකට බෙහෙත් අරන් දුන්නා.."

"මට හිතුනා පාන්දර තිස්සෙ නානකොට ඔහොම වෙයි කියල" ජන්කුක්ට දැනුනෙ ලොකු කේන්තියක්.. එක පැත්තකින් තමන් ගැන වගේම ටේහ්‍යුන් ගැනත් ජන්කුක්ට කේන්ති ගියා.

තමන් ඒ විදියට ටේහ්‍යුන් ගෙ මැසේජ් කෝල් නොසලකා නොහැරියා නම් මේ විදියට ටේහ්‍යුන් අසනීප වෙන්නෙ නෑ වගේම කරන්න පුලුවන් වැරදි සේරමත් කරලා තාමත් පොඩි බබෙක් ගානට නොසැලකිල්ලෙන් වැඩ කරන ටේහ්‍යුන් ගෙ හොම්බට එකක් අනින්නයි ජන්කුක්ට ඕනි උනේ.

"එයා කෑවද හ්‍යුන්ග්"

"ඔව් ජන්කුකී මං කෑම හදලා දුන්නා.. ජන්කුක් නැතුව කන්න බෑමයි කිය කිය හිටියෙ ඔය" සැරින් සැරේ දුක, කේන්තිය, කලකිරීම වගේ හැගීම් වලට වෙනස් වෙන ජන්කුක්ගෙ කටහඩ හොද අවදානෙන් අහගෙන හිටපු ජිමින් ජන්කුක්ට ඇත්තම කිව්වා.

"එතකොට කෑවෙ නැද්ද..."

"නෑ නෑ මං බලෙන්ම කැව්වා කටවල් දෙක තුනක්... ඊට පස්සෙ බෙහෙත් ටිකත් දීලම තමයි මං ආවෙ"

DIVORCE || TKWhere stories live. Discover now