12

197 31 0
                                    

බොහොම අමාරුවෙන් කොහොමෙන් කොහොම හරි සොන්යි jk එක්ක ගෙදර ගියත් ඒ යනකොට රෑ නමයේ කෑලිත් නෑ.

" කොහේද දෙන්න පැනල යන්න හදන්නෙ? "
හොරු දෙන්නෙක් වගේ joon ට අහු නොවී කාමරේට පැන ගන්න සොන්යියි jk යි try කලත් පඩිපෙළ නැගලා ඉවරවෙන්නත් කලින් දෙන්නම උඩ ගියේ ජූන් ගෙ සද්දෙට.

" ආහ්.... hyung... අපි මේ.... "
jk වචන ගැටගහුවේ කියන්න නිදහසට කාරණයක් නැතුව.

" අපි මේ තමයි.... දෙන්නම එනෝ පල්ලෙහාට.... "

joon අත් දෙකත් පපුව හරහා බැදගෙන නපුරු බැල්මකුත් දාගෙන සොන්යියි jk යි පූස් පැටව් දෙන්නෙක් වගේ එයාගෙ ඉස්සරහින් ඇවිත් හිටගන්නකල් බලන් හිටියා.

" සොන්යි.... කිීය වෙනකොට ගෙදර ඉන්න කියලද කිව්වේ..."

" නවය වෙන්න කලින්... " සොන්යි බිම බලාගෙනම උත්තර දුන්නා.

" දැන් වෙලාව කීියද? ම්ම්ම්......? නමයට කලින් ගෙදර ආවද ? "

දෙන්නම මුකුත් නොකිය බිම බලන් හිටියෙ එයාල කරේ වැරැද්දක් බව දෙන්නම දන්න නිසා.

" ඒ පාර මොකද සද්ද නැත්තෙ ආ...... දෙන්නම දැන් ගිහිල්ල change කරන් එන්න. ආවාහම දෙන්නටම දෙන්න ඕන punishment ඒක මන් කියන්නම්. "

තාමත් නපුරු විදියටම බලාගෙන ඉන්න joon ගෙ මූණ දිහා බලන්නෙවත් නැතුව සමාවගත්ත jk සොන්යි දෙන්නා එයාලගෙ කාමර වලට ගියා.

.....................................................

" ඔයාලා දෙන්න හරි ඉක්මන් නේ... "
joon කෑම මේසේ පුටුවක් ඇද ගෙන වාඩි වෙන ගමන් කිව්වත් jk සොන්යි දෙන්න නම් එක මිනිත්තුවකටවත් joon දිහා ඔලුව උස්සලා බැලුවේ නෑ.

" දැන් ඔය දෙන්නත් වාඩි වෙලා කන්න. ඒක තමයි punishmant එක. "

ඒ කියාපු දෙයින් නම් jk ටයි සොන්යිටයි දැනුණේ මහ පුදුමයක්. ඒත් joon ගෙන් ඒ ගැන ප්‍රශ්ණ කරන්න ධෛර්යක් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් තිබ්බෙ නැති නිසා දෙන්නම කන්න පටන් ගත්තා..

ඒත් කෑම කටට දාගත්ත ගමන් දෙන්නටම දෙන්නගේ මූණු බැලුණේ ඉබේටම.

" hyung.....? " ඒ jk

" ඇය් මොකවත් ප්‍රශ්නයක්ද? "

" නෑ... මේ.... අද මීිරා නෙමෙයි ද කෑම හැදුවේ. "

EUPHORIA  || BTS JJK || ✔️Where stories live. Discover now