" උඹට ඕක තේරුම් ගන්න මෙච්චර කාලයක් ගිය එකනෙ ප්‍රශ්නෙ. " jk එයා සොන්යිට කැමතියි කියල කිව්වම tae දුන්න උත්තරේ ඔන්න ඕක.
jk ට ගොඩක් පුදුම හිතුණේ සොන්යි ආදරේ කරන්නේ එයාට කියල දැනගත්තම එයා පුදුම වුණ තරමින් දශමෙන් පංගුවක්වත් taemin දෙන්න ඒක දැනගත්තම පුදුම වුණේ නැති නිසා.
" ඒ කියන්නේ උඹල දෙන්න මුල ඉදන්ම ඒක දැනගෙන ඉදියද? "
" මට සොන්යි ඒ ගැන මුලදීම කියල තිබුණෙ. " jimin කිව්වේ jk ගෙ ඇස් තව ටිකක් ලොකු කරවන ගමන්.
" එතකොට උඹ... උබත් ඒ ගැන දැන දැනමද සොන්යිට ජිමිනව set කරල ඉස්සර කතා හැදුවේ. ? "
tae ඔලුව වැණුවේ ඔව් කියල අගවන්න.
" හබයි මන් නම් ඒ ගැන දැනගත්තේ රාමේන් කියල නෙමෙයි. ඒත් ඉතිං ඕන මිනිහෙක්ට තේරෙනවනෙ එයාගෙ හිතේ උඹ ගැන කැමැත්තක් තියෙනව කියල. "" ඒක මට නොතේරුණ එක නෙ අවුල. "
" උඹ ඉතිං අර මල සමයම නිසා අන්ධ වෙලා නේ ඉදියෙ. "
........................................
" jk.... කන්න එන්නෙ නැද්ද? " හොබී jk ගෙ කාමරේ දොර ගාව ඉදන් කෑ ගැහුවේ ගෙදර ආපු වෙලාවේ ඉදන්ම කාමරයට රිංග ගත්ත jk කන්නවත් පහල එන පාටක් නෑ කියල තේරුණ නිසා.
" පොඩ්ඩක් ඉන්න හියොන්... මන් ඉක්මනට එන්නම්. "
හොබි දොර පොඩ්ඩක් තල්ලු කරල බැලුවේ ඒක බාගෙට ඇරිලා තිබුණ නිසා. ඒ වෙලාවේ jk පොඩි ළමයෙක් වගේ ඇද උඩ කකුල් දෙකත් දෙපැත්තට දික් කරන් වාඩි වෙලා කතුරු ගම් බෝතල් මාකර්ස් වගේ ගොඩක් දේවල් වට කරගෙන ඉදියේ ලොකු වැඩක.
" කෑමටත් වඩා වැදගත් වැඩේ මොකක්ද ම්ම්... ? "
" සොන්යි ට කියන්න ඔට්ටු නෑ හොද ද? එයාගෙ birth day එක ළඟ එනවා නෙ. මට ඕන එයා වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න. "
" මොනාද කරන්න හිතන් ඉන්නෙ? " හොබී ගිහිං jk ලගින් වාඩි වෙන ගමන් ඇහුවා.
" ම්ම්... මන් හිතුවා අපි දෙන්නගේ පොඩි කාලෙ ඉදන් මතක ඔක්කොම එකතු කරල scrap book එකක් හදන්න. "
" වාව්... nice idea. මගෙනුත් මොනා හරි උදව් ඕන නම් කියන්න. "
හොබී කිව්වේ jk ඇද පුරාම වපුරගෙන ඉදපු photo එකින් එක බලන ගමන්.
ඒ හැම එකක්ම වගේ jk සොන්යි එක්ක ගහපු photos.
YOU ARE READING
EUPHORIA || BTS JJK || ✔️
Fanfictionඔයා ආදරේ කරන කෙනා ඔයාව ඇත්තැරියත්..... ඔයාට ආදරය කරන කෙනෙක් ඔයා ළඟම ඉන්න පුළුවන්.... ඔයාට නොතේරුණත්.... එයා ඔයාගෙ ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්නව වෙන්න පුළුවන්.... JEON JUNGKOOK FF. _EUPHORIA_ COVER BY:CHAVIOT7 2022.07.01 2023.07.08