41

157 26 24
                                    

" මන් ඔයාට කිව්වනේ අප්පා... මන් සොන්යිගේ ඔප්ප විදියට නිකං බලන් ඉන්නෙ නෑ කියලා. බලන්නකෝ එයා කොච්චර සතුටින් ද කියලා. ඔයාටත් ඕන වුණේ එයා සතුටින් ඉන්නව දකින්න නේද අප්පා... ඉතිං එයා සතුටින් ඉන්නෙ jk ළඟ. "

හොබී ජූන් දෙන්නා සොන්යිගේ අප්පා එක්ක සතුටු සාමිීචියේ ඉන්න අතරෙ හොබී ඇහුවේ සොන්යි දිහා බලන ගමන්.

සොන්යිගේ අප්පා මොකුත් නොකියා එයාගෙ විිදුරුව තොල ගෑවා.
හැබැයි එයා ඉදියේ තරහකින් නෙමෙයි.
එයා සොන්යි jk දෙන්නා ගැන ඇත්තටම සතුටු වුණා.
ඒත් එතන එයාගෙ ලොකු වැරැද්දක් තිබුණ නිසා එයාට මොනවා කියන්නද කියල තේරුණේ නෑ.

................................

" තනියම මොකක්ද ඔච්චරටම..... මාත් යනෝ. "
ක්‍රිස් ටික වෙලාවකට කියල සොන්යිව තනියම කතා කරන්න අනිත් අයගෙන් දුරට එක්කගෙන ගියත් jk ඉදියේ ඒ දෙන්නා ගැන ඇහැ ගහගෙන.

" මෙන්න මෙහෙ වරෙන්. සොන්යිව උඹට දිීපු එකම මදීද? ටික වෙලාවකට ඒ දෙන්නට තනියම කතා කරගන්න දීහන්. "
tae jimin දෙන්නා දෙපැත්තෙන් jk ව අදින ගමන් කිව්වා.

" උඹ ඉස්සර මටවත් රේචල් එක්ක තනියම විනාඩි පහක් කතාකරන්න නොදී කරපු සෙල්ලම් සොන්යි එක්ක හරියන්නේ නෑ හරිද කොල්ලො. එයා උඹෙ කෙල්ල වෙන්න කලින් අපි තුන් දෙනාගෙම යාලුවා. "
tae කිව්වේ jk ගෙ කරට අතත් දාගෙන.

" ඒක ඇත්ත jk. උඹෙ ඔය අයිතිවාසිකම් කියන වැඩේ සොන්යිටත් කරන්න ආවොත් අන්න එදාට තමා උඹ මගේ හැටි දැනගන්නෙ. "
jimin ත් tae ගෙ පැත්ත ගන්න ගමන් කිව්වා.

............................

" thank you Chris. "

" මොනවටද thanks කරන්නේ..? මන් ඔයාට දිීපු gift එකටද? "
ක්‍රිස් හිනා වෙවී අහන දිහා සොන්යි බලන් ඉදියා.

" ඒකට විතරක් නෙමෙයි.... හැම දේකටම. අපී දෙන්නගේ marriage එක ගැන ඔම්මා මට කියාපු දවසෙ ඉදලා මන් ඔයාව ignore කලත් ඔයා.... I'm sorry chris. මන් ඔයාගෙ එකම mg එකකටවත් reply කළේ නැති එකට..... ඔයාගෙ calls එකක්වත් answer නොකරපු එකට....
මන් දන්නව ඒවට සමාව දෙන්න බෑ....
ඒත්... "

" ඔය ඇති සොන්යි.... ඒවා පරණ දේවල් නේ.
ඇත්තටම මේ marriage එක ගැන මන් දැනගත්තේත් පස්සෙ. ඒ දැනගත්තම තමා මන් ඔයාට call කළේ. ඒත් ඉතිං ඔයා call answer කළේ නැති නිසා මට හිතුණා....
මේකට ඔයාගෙ පොඩිමවත් කැමැත්තක් නෑ කියල. ඇත්තටම.... මගේ කැමැත්තක් තිබුණෙත් නෑ මේ ගැන.  "

" මන් marriage එකට අකමැති වුණා නෙමෙයි ක්‍රිස්.... මන්.... මුල ඉදලම ආදරේ කළේ kookie ට. එයා නැතුව.... වෙන කෙනෙක් කසාද බදින්න හිත හදාගන්න බැරි වුණා . නැතුව ඔයාගෙ කිසිම වැරැද්දක් නෑ. ඔයා ඇත්තටම හොද කෙනෙක්."

" දැන් ඉතිං...... ඒ කතා අමතක කරලා දාලා මට කියන්නකෝ... මන් ඔයාට දිීපු gift එක කොහොමද? "

" මගේ ජිීවිතේ මට ලැබුණු වටිනම තෑග්ග ඒ. ඔයාට කොච්චර thank කලත් මදි. "

" ඒකනෙ.... මන් jk ට කිව්වා.... මගේ gift එක තමා best ම කියල. "

............................................

" මේක හරියන් නෑ. මන් සොන්යිට confess කලා විතරයි වචනයක්වත් කතා කරන්න නෑ. දැන් පැය කීියක්ද දෙන්නා එක්ක තනියම කතා කරන්න ගිහිල්ල. "

" අනේ අම්මපා මූ නම් හැදෙන් නෑ. ඒ දෙන්නා කතා කරන්න ගිහිං පැය භාගයක්වත් නෑ. 
ඒක නෙමෙයි.... උඹල දෙන්නගේ කේක් කෑල්ලක් කාලා බලන්න බැරි වුණා නේ මට. ඔහොම්ම ඉදහන් මන් ෂින් ගාලා ගිහිං එන්නම්. " tae වාඩි වෙලා ඉදපු තැනින් නැගිටලා ගියේ jk jimin දෙන්නව තනි කරන ගමන්.

" උඹ දන්නෝද දෙයක්... " සොන්යි ක්‍රිස් දෙන්න දිහාම බලන් ඉන්න jk ගෙ ඇස් දිහා බලන ගමන් jimin ඇහුවේ jk ගෙ සිහිය වෙනස් කරන්න ඕන නිසා.

" මොකක්ද? "

" උඹ ඉස්සර රේචල් එක්ක ඉන්දි සොන්යි නම් ඔහොම බලන් ඉදියේ නෑ. "
jimin හිනා වෙවී කියද්දි jk එයා දිහා බැලුවා.

" එයා ගොඩාක් try කලා දුක හංගන් ඉන්න. ඒ අතින් බලද්දී උඹ සතුටු වෙන්න ඕන. උඹෙ හිතේ සොන්යි ගැන කැමැත්තක් ඇති වෙන්න කලින් ඉදලම සොන්යි උඹට ආදරේ කරපු එක ගැන. ඒ නිසා බොරුවට කලබල වෙන්න එපා. සොන්යිව දැන් ඔයාගෙන් ඈත් කරන්න කාටවත් බෑ මෝඩ හාවෝ. "

ඒ වෙලාවේ යෝලුත් ඇවිත් jimin ලගින් වාඩි වුණා. එයා ගොඩ වෙලාවක ඉදන් සොන්යිගේ ඔම්ම එක්ක කය්යක ඉදියේ.

" මොකද මෙයා මේ මූඩ් ගහලා. "
යෝල් ඇහුවේ jk ව ඇස් වලින් පෙන්නන ගමන්.

" මුට පිස්සු නෙ. "

" ඊයියා.... මොනාද බන් මේ බොලා හදලා තියෙන්නේ. කටේ තියන්න බෑ. "
මදි පාඩුව පුරවන්න tae ත් වට මේස සාකච්ඡාවට හවුල් වුණේ කේක් ප්ලේට් එකකුත් අරගෙනමයි.

" ඒ.? .. කෝ මටත් දෙන්න බලන්. " ජිමිනුත් tae ගෙ cake එකෙන් චුට්ටක් කටට දාගත්ත ගමන් එයා tae දිහා බැලුවේ රවලා.

" බොරු නොකියා ඉදහන්.... මේ තියෙන්නේ යස අපූරුවට. "

" අපූරුයි තමයි වෙන නැත්නම්. "

EUPHORIA  || BTS JJK || ✔️Where stories live. Discover now