Part 22 🥀

350 64 12
                                    

" තාත්තා!! "

ජන්ග්කුක්ට කැගැහුනා .

ජන්ග්කුක් තදීන් taehyung ගෙ අත අල්ලගත්තා . ජන්ග්කුක් ඇගිලි සීතල වෙලා කියලා taehyung ට දැනුනා .

" ජන්ග්කුක් බය වෙන්න එපා මන් ඉන්නවානෙ "

Taehyung හිමින් කිව්වා .

" මට බ...බයි "

ජන්ග්කුක් කිව්වා . Taehyung ට මුවාවෙලා ජන්ග්කුක් ඇඩුවා . ජන්ග්කුක් ඇඩුවේ තාත්තාගෙ ගුටිකන්න වෙයි කියලා බයට නෙවෙ ජන්ග්කුක් තාත්තාට ගොඩක් බයයි ඉට වඩා ජන්ග්කුක් බය උනේ taehyung ව නැති වෙයි කියලා .

" යන්කෝ මන් තාත්තා එක්ක කතා කරන්නම් "

Taehyung කිව්වා . Taehyung හිතෙ පොඩිම බයක්වත් තිබ්බෙ නැ . Taehyung ලේසියෙන් කෙනෙක්ට ඔලුව නවන කෙනෙක් නෙවෙ . Taehyung , ජන්ග්කුක් ගෙ තාත්තාට කැමති නැති ප්‍රදාන හේතුව ජන්ග්කුක් ගහන එක .

" එපා දෙයියනේ ඔයාට පිස්සුද "

ජන්ග්කුක් හිමින් කිව්වා .

" කවදාහරි එයලා මේවා දැනගන්න ඕන ජන්ග්කුක් මෙහෙම බය වෙලා හරියන්නෑ ... "

Taehyung එහෙම කියලා අඩියක් ඉස්සරහට තියන්න හැදුවත් ජන්ග්කුක්, taehyung තව තවත් තදින් අල්ලගෙන taehyung ගෙ ගමන නතර කලා .

" එත් ඒකට මේ වෙලාව නෙවේ මෝඩයෝ... ඉක්මන් නොවී ඉමුකෝ "

ජන්ග්කුක් එහෙම කියද්දී taehyung ඉබේටම පොඩි හිනාවක් ගියා . ජන්ග්කුක් 'මෝඩයා' කියන්නෙ  ආදරේට . Taehyung , ජන්ග්කුක්ට ගොඩක් කැමති වෙන්න හේතුව නම් ජන්ග්කුක් අනිත් අයට වඩා ගොඩක් වෙනස් කෙනෙක් . එක එක්කෙනාගෙ හැගිම් , හැසිරිම් වෙනස් ඒක ඇත්ත . ජන්ග්කුක් ආදරේට කතා කරන විදිහ අනිත් අයට වඩා වෙනස් ජන්ග්කුක් ලේසියෙන් taehyungට ආදරේයි  කියන්නෙ නැ එත් taehyungගෙ වැඩේම ආදරේයි කියන එක .ජන්ග්කුක් ඉක්මනට බය වෙනවා , ඕනවට වඩා හිතනවා මේ වගෙ වෙනස් පොඩි පොඩි දේවල් වලටත් taehyung ගොඩක් ආදරේ කලා .

ජන්ග්කුක්  ' බෑ ' කියද්දීම taehyung තාත්තා ලගට ගියා ජන්ග්කුක් එක්කම .

" ජන්ග්කුක් නගිනවා වාහනේට "

තාත්තා කැගැහුවේ වටපිටාවේ මිනිස්සු ඉන්නවා කියලා ගානක් නැතිව . තාත්තා කැගැහුව පාරට ජන්ග්කුක් වගෙම ජිමිනුත් ගැස්සුනා . පාරෙ හිටිය මිනිස්සුගෙ අවදානය ගියේ තාත්තා ඉන්න පැත්තට .

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 ✔Where stories live. Discover now