🌕 ❣️cₕₐₚₜₑᵣ 05🌕

185 39 5
                                    

🐰💖AMAZING BUNNY 💖🐰

🌕 ❣️cₕₐₚₜₑᵣ 05 🌕

_______________________________________________

මන් දහ අතේ කල්පනා කර කර රූම් එක පුරා එහාට මෙහාට ඇවිද්දා...

එව්ව්ව් මොන මගුලක් ද... ඔන්න ඔහේ අරිනවා...

මන් දොරේ handle එක අල්ලන්න යද්දිම එකපාරටම දොර ඇරුණ...

ආ... දොර ඇරගෙන ආවේ වෙන කවුරුත් නෙමේ...







ප්‍රොපෙසර් ......

ශාන් ලමයා....

ඈ මෙතන මොකක්ද වෙන්නේ, එතකොට මාව බේරගන තියෙන්නේ ප්‍රොපෙසර් වන්ග් ද ..ඒ කියන්නේ මේ කොළ ගුහාව අයිති එයාටද...

ඔය ළමයා assignments ටික කරන්නේ නැතුව තැන් තැන්වල රොන්දේ ගගහා ඉන්න...තමුන්ට මන් හොඳ වැඩක් කරනවා class ක‍්ට් කරනවාට...

හපොයි මහා මොකෙක් ද මන්දා අප්පා... ලෙඩ ලමයටනේ මේ කියවන්නේ... මේකාට නම් assignments විතරයි වටින්නේ... හිටාම්කෝ මැරිච්ච දවසට assignments ටික කරලා රෝල් කරලා ඒකට පර වෙච්ච මල් දෙකක් දාලා දෙනව.. තියාගෙන කන්න කියලා... ඇයි අප්පා..

ඔය ලමයාට දැන් කොහොමද...

හේ.. හේ... මට දැන් අවුලක් නෑ ප්‍රොපෙසර් ......

ඔව් එකනම් පේනවා ....

හේ.. හේ..
ඒක නෙමේ ප්‍රොපෙසර් මාව මෙහෙට ගෙනාවේ ප්‍රොපෙසර් ද?

ආ.....

මන් ඇහුවේ මන් මෙහෙ ඉන්නෙ කොහොමද කියලා...

ආ ඒක මිසක්...

මන් දන්නෙත් නෑ පහළ ඉන්න ලිලී කිව්වා උඩ රූම් එකේ ලමයෙක් ඉන්නවා කියලා එකයි මන් බලන්න ආවේ.. එතකොට ඔය ළමයා හිටියේ..

එතකොට මන් මෙහෙ ඉන්නෙ කොහොමද...

ඒක ඉතින් මන් දන්නවාද.. ඔය ළමයි නිසා මාව බාගෙට මැරෙනවා lectures වලදීත‍් ගෙදර ඇවිල්ලත් මට පාඩුවේ ඉන්න නෑ... මේ වයසට නිදහසේ මලක් කඩාගෙන ඉන්න ඕනි... මන් යනවා මට මහන්සියි.

ප්‍රොපෙසර් උඩ තිබුණු වෙනත් කාමරයකට ගියාම මන් හොරෙන්ම පහළට ගියා...
මෙහාට ආවේ කොහොමද දැනගන්න ඕන හින්දම මන් හිමින් හිමින් ගෙදර වැඩ කරන ආන්ටි ගාවට ගියා...

ආන්ටි ලිලී මන් කොහොමද මෙහෙ ආවේ...

ආ පුතේ ඔයා මෙහෙ ආවේ අපේ ලොකු බේබි එක්ක... ලොකු බේබි මෙහෙ වැඩිය ඉන්නේ නෑ යුනි යන්න ඕනි වුණාම මෙහෙ ඉන්නෙ...

එයාව accident උනාට පස්සේ ඉඳන් එයා ඉන්නේ එයාගෙ සීයාපපා එක්ක.. ලොකු බේබිව කෙල්ලක්ට බන්දලා දෙන්න ගියානේ.. ඒකට ලොකු බේබි අකමැති වෙලා..

පස්සේ එයාගෙ තාත්තා එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ගිහින් එතකොට accident වෙලා තියෙන්නේ... දැන් එයා ගෙදර යන්නෙ නෑ මෙහෙ තමයි ඉන්නේ..

හාපො මේ දැන් හැදෙන ලමයි නම් මහා සාප.. පෙනෙන්නේ නැද්ද මේ මහ බේබි කරලා තියෙන වැඩේ.. තාත්තා කෙල්ලෙක්ට බන්දන්න යනවා නම් සාමකාමීව විසදගන්නේ නැතුව ඔහොම වාහන වල නැගලා ඉගිල්ලෙනවාද.. මැරිලා ගියා නම් එහම කාට කියන්නද.. එක්කෝ හා කියලා පස්සේ පැනලා යන්න ඕනේ..

ආ ඒමද එතකොට කෝ දැන් ඔය කියන ලොකු බේබි..

ලොකු බේබි ගියානේ ඔයා ඇහැරුණාම සුප් එකක් හදල දෙන්නත් කිව්වා මට පුදුමෙ කියන්නේ ලොකු බේබි මෙහාට ලමයෙක් ගෙනාවමයි අනික ඔය ළමයව වඩාගෙන ගියේ එයාගෙ කාමරේට.. ලොකු බේබි එයාගෙ කාමරේට කාටවත් එන්න දෙන්නේ නෑ අඩුම චුටි බේබිටවත්.. මන් විතරයි ඕක ඇතුලට යන්නේ අස් කරන්න ඕනි නිසා..

බැරි වෙලාවත් ඔය ලමයා ලොකු බේබිගේ කවුද...

මන් ලොකු බේබිගේ කවුරුත් නෙමේ මන් එයාව දැකලත් නෑ...

_________________________________________

🌼 හේ හේ...🖐

🌼තව චැපියක් ...ෂෝට්ස් චැපි තමයි තියෙන්නේ...😚

🌼ෂෝට් ස්ටෝරී එකක්නේ ..🥲

To be continued ...

~Ҝ卂丨~


💖🐰𝕬𝖒𝖆𝖟𝖎𝖓𝖌 𝕭𝖚𝖓𝖓𝖞 🐰💖- (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)Where stories live. Discover now