🌕❣️cₕₐₚₜₑᵣ 14🌕

228 37 31
                                    

🐰💖AMAZING BUNNY 💖🐰

🌕❣️cₕₐₚₜₑᵣ 14🌕

_________________________________________________

පියානනි කියන එක විතරයි අන්තිමේ මට ඇහුනේ මට සිහිය නැති වුණා අන්තිමට මන් දැක්කේ hospital එකේ ඉද්දි doctors මාව වට කරගෙන මොනවාදෝ කරනවා විතරයි ආයේ මට සිහිය නැති වුණා...

දරන්න බැරි පිඩනයක් එක්ක සේරම මතක් වෙනකොට මන් ආපහු නැගිටලා බලද්දී මන් දැක්කේ ආපහු අර cleaning store රූම් එකේ ඉන්නවා කියලා පැත්තකින් බනි හාවෙක් බිම සිහිය නැතුව වැටිලා ඉද්දි මන් ඒ පුංචි හාවාව වඩාගෙන කිස් එකක් දුන්නා..

සම්පූර්ණ බනි ආයේ මතු වෙනකොට එයාගෙ හා කන් දෙක නැත්තටම නැති වෙලා ගිහින් එයා සම්පූර්ණ මනුස්සයෙක් වුණේ දේදුනු එළි එයාගෙ වටේ කැරකෙනකොට.. අන්තිමේදී එයා එයාගෙ ශාපයෙන් නිදහස් වුණා...

Zhan 's pov

දරාගන්න බැරි ඔලුවේ කැක්කුමක් එක්ක මන් නැගිටින කොට දැක්කේ බෝ මාව තද කරගෙන බදාගෙන නිදාගෙන ඉන්නවා මටත් එයා ගාව ඉන්න ඕන හින්ද මමත් එයාගෙ අස්සට ගුලි වෙලා තව ටිකක් නිදාගත්තා..

ඇත්තම කිව්වොත් මේ ළමයට මේ ඔක්කොම වුණේ තියෙන නපුරුකම හින්දනේ චුටි කාලේ ඒ සත්තුන්ට කරදර නොකර හිටියා නම් මෙච්චර දෙයක් වෙන්නේ නැහනේ.. මොණරේක්ගේ පිල් ගලවලා දැම්මා කියලා අවුරුදු සීයක් හාවෙක් කරලා තව ඉරණම් කාරයට විතරක් බේර ගන්න පුළුවන් විදිහට ඔක්කොම කරලා අපේ තාත්තා ඉන්නවා ඇති දැන් දේදුනු හද හද..

කමක් නෑ දැන් හරි නිදහස් වුණානෙ අම්මෝ ආයේ නම් සත්තුන්ට කරදර කරන්නේ නෑ ජීවිතේටවත් ආයේ හාවෙක් වුණොත් එහෙම..

බෝ එහෙම නැත්තම් ලියෝ නින්දේ හිටපු එයා දිහා බලලා මන් හිනා වෙලා එයාට තවත් තුරුළු උනේ මගේ හැම ආත්මයකදිම ඉරණම්කරු එයා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්..

ඔය අතරේ තමයි මන් දැක්කේ එළියේ ලාවට වහින ගමන් අහසේ දේදුන්නක් පායලා තියෙනවා...

ඉතින් දේදුන්නක් එක්ක වැස්සක් හැමදේම වෙනස් කරා..

අහස පුරාම නිදහස්‌ වුණු සතුන් පියාඹලා යනකොට මන් අන්තිම වතාවට මගේ බලය නිදහස්‌ කරලා හැම සතෙකුටම නිදහස දුන්නා...

ඕන කෙනෙකුට නිදහසේ සිතීමට හා නිදහසේ ජීවත්වීමට අයිතියක් තියෙනවා..

ඉතින් හැම සතෙකුටම ස්තූතියි වගේම සමාවෙන්න...

________________________________________

🐇ඔන්න මෙකත‍් ඉවරයි...

🐇vote කරන comments කරන කියවන හැමෝටම ගොඩක් තැන්ක්ස්...

🐇ආදරෙයි හැමෝටම මගේ බේබි කැස්පර්ස්...

The End ...

~Ҝ卂丨~

💖🐰𝕬𝖒𝖆𝖟𝖎𝖓𝖌 𝕭𝖚𝖓𝖓𝖞 🐰💖- (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)Where stories live. Discover now