මට..සමාවෙන්න ශාන්.....මං ඔයාගෙන් එයාව උදුර ගත්තාට....මට සමාවෙයන් බෝදි...King ඔයා හිතනවාද අපි අර පොලිස්කාරයාව මරන්නේ නැතුව තියන් ඉන්න එක හොඳයි කියලා...
ජෝන්...කවුද කියන්නේ අපි ඒකාව මරන්නේ නෑ..කියලා..මං ඕකව බල්ලෙක් වගේ මරලා දානවා. ...ඕකා තව විඳවන්න ඕනේ...
නෑ.. king ඒක එහෙම වුනාට පොඩි බොස් කොයි වෙලාවේ වෙනස් වෙයිද කියන්න බෑ....එතකොට ...එතකොට ...
ජෝන් තමුන් මොකක්ද කියන්න හදන්නේ ...
Kingගේ කෝපයෙන් පිරුණ මූණ ජෝන් ගේ හිතේ ඇති කලේ බයක් වුනත්.....නෑ නැ.king . මං කියන්නේ කින්ග් වුනත් දන්නවා නේ පොඩි බොස් ගේ සිටුවේශන් එක... ශාන්ට කොයි වෙලාවක හරි ඉන්ස්පෙක්ටර් ව බේර ගන්න හිතුනොත්.... අනික කින්ග් අමතක කරන්න එපා උන් දෙන්නා ආදරේ කළා කියලා...ශෝන් කෙසේ වෙතත් ශාන් කියන්නේ ආදරේට ආදරේ කරන ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කරන කෙනෙක්.....සමහර වෙලාවට ශාන්ගේ ඒ ආදරේ ශෝන්ගේ වෛරයට වඩා වැඩි වෙන්න පුලුවන් ....
ඒක මං දන්නවා ජෝන්...ඒකයි මං හැමවෙලේම ශොන්ගේ ඔලුවට මෙච්චර විස පුරවන්නේ... ඒ වුනත් ශාන්ගේ ආදරේ ළඟ ශෝන් පැරදෙයි කියලා හිතුන නිසා තමා ශෝන්ගේ අම්මා මැරුනේ පොලිස්කාරයයෙක්ගේ අතින් කියලා එයාගේ ඔලුවට දැම්මේ....ශෝන් එයාගේ අම්මාට කොච්චර ආදරේද කියනවා නම් ඒක කිව්වා විතරයි ඊළඟ දවසෙම අපිට ඉන්ස්පෙක්ටර් යී බෝ ව අල්ලගන්න පුලුවන් වුනා....
ඒත් කින්ග් ඇත්ත ඒක නෙමේ නේ...මැඩම්..මැඩම් මැරුනේ....
මැරුනේ..ඒකී මැරුනේ නෑ බං...මරලා දැම්මා..මං..මේ අත් 2ම මරලා දැම්මා..කාලකණ්ණි ගෑනි..ඒකිට ඕන වුනෙත් මං මේ දේවල් නවත්තන්න ඕනේ කියන එක...හරියටාම ශාන් වගේ . ඒකි මැරිච්ච එකමයි හොඳ .. ඒ නිසයි මට ශෝන්ව හම්බුනේ. ශාන් වගේ කෙනෙකුට කවදාවත්ම මගේ බිස්නස් එකට හයියක් වෙන්නේ නෑ මට .. ඒකට ශෝන් ...
ශාන් කියන්නේ Dual personality කියන මෙන්ටල් ඩිස් ඕඩර් එක තියෙන කෙනෙක්...ශාන්ට එහෙම වුනේ එයාගෙ අම්මාගේ මරණයත් එක්ක...ශාන් කියන්නේ එයාගේ අම්මා වගේම කින්ග් ගේ නීති විරෝධී වැඩ වලට අකමැති හරිම අවංක සරල මනුස්සයෙක්...බෝදිට ආදරේ කළේ ඒ ශාන්...ඒත් අම්මාගේ මරණයත් එක්ක දරා ගන්න බැරි දේවල් එක්ක.කිංගේ ගෙ අඩිපාරේ යන ශෝන් එළියට ආවත් සමහර තැන් වල ශාන් ගේ ආදරේ ශෝන්ගේ වෛරය පරාද කළත් අද ශෝන්ගේ වෛරය ඉස්සරහා බෝදිගේ ආදරේ දෙවෙනි වෙලා තිබුණා....