සීනියර් ඉන්ස්පෙක්ටර්...වැන්ග් යී බෝ...තමුන් මොනාද හිතුවේ....තමුන්ට අපි හැමෝම රවට්ටලා මේ King Roxn අල්ලගන්න පුලුවන් කියලාද..තමුන්ට එච්චර දෙයක් කරන්න බෑ...තමුන් කොච්චර ටැලන්ටඩ් ඔෆිසර් කෙනෙක් වුනත් වැඩක් නෑ.තමුන් හැම වෙලේම ඉන්නේ මට වඩා අඩියක් පිටිපස්සෙන්....
ඇත්ත තමුන්ට පුලුවන් වුනා අපේ හැම මේන් බිස්නස් එකක්ම නැති කරලා වට්ටලා දාන්න...ඒ අතින් බලනකොට ඒකේ ක්‍රෙඩිට් එක තමුන්ට දෙන්න ඕනේ.... ඒ වුනාට තමුන්ට ඒක විතරක් මදි වුනා...තමුන්ට මාවත් නැති කරන්න ඕන වුනා..... ඒත් හොඳට බලනවා King Roxn තාමත් එයාගේ රාජධානීයේ රජ කරනවා..ඒත් තමුන් මෙතන මගේ ඉස්සරහ බල්ලෙක් වගේ..... බල්ලෙක් වගේ මැරෙන්න වැටිලා......
දැන් ඉතින් තමුන්ගේ ජීවීතේ ඉල්ලනවා මගෙන්.. හිඟාකාපන් උ!ඹේ ජීවිතය....හිඟා කාපන් යකෝ.....
හැම දෙයක්ම හොඳම විදියටම සිද්ධ වේගෙන එද්දි හදිසියේම වුන දේ බෝට හිතා ගන්න බෑ... මාස ගාණක සාර්ථක මෙහෙයුමක් සාර්ථකව ඉවර වෙන්න තිබුනේ තව පුංචි කාලයක් විතරයි .....ඒ ටවුන් එකේ හිටපු ලොකුම ඩ්‍රග් ඩීලර්..කැසිනෝ කින්ග් ඒ වගේම ලොකුම මිනිස් ජාවාරම් කාරයා king Roxn පස්සේ යීබෝ පන්නන්න පටන් ගත්තේ මීට මාස 6කට කලින් ඉඳන්...කාටවත් නොදැනෙන ලෙස ඔහුගේම ගැන්සියේ සාමාජිකයකු ලෙස එක්වී. King Roxn .ගේ බිස්නස් එකක් නෑර බංකොලොත් කරන්න යීබෝ සමත් වුනා...මේ වන විට King Roxn ඉතුරු වෙලා තිබුනේ ගොඩ නඟාගත් මේ මහා මන්දිරේ පමණක් වෙනකොට තමාගේ ප්‍රතිවාදියා හඳුනා ගැනිමට නොහැකි වීමෙන් ඔහු සිටියේ විශාල කේන්තියකින්.....ඉතින් අවසානයේ තමන්ගේ නියම ප්‍රතිවාදියා තමන් සමඟම මාස ගණනාවක් සිටි යී බෝ බව දැන ගත් විට.... යීබෝට අත් වෙන් ඉරණම කිසිවෙකුටත් සිතා ගත නොහැකි අන්දමේ දරුණු එකක් වනු නොඅනුමානය....
ඊයේ රාත්‍රීයේ තමා මොවුන්ට අසු වූ වෙලාවේ සිට ලැබෙන ගුටි බැට හේතුවෙන් යීබෝ සිටියේ හොඳටම හෙම්බත් වීය...දැත් දෙපා වලට මුගුරු වලින් ලැබෙන පහර වගේම ඒ හැඩිදැඩි මිනිසුන්ගේ මුශ්ටි පහරවල් හමුවේ ඒ මුණ නිල් වී ඉදීමි තිබුණි....දෙතොල් පැලී එයින් ගලාගිය රුධිරය මුහුණ මතම ගල් වී තිබුණි...නමුත් ඒ දෑසේ වූ තේජාන්විත පෙනුම නම් තාම එලෙසමයි.....