30.

345 60 0
                                    

" ඔම්මා...
  අප්පා...."

ජන්කුක් එයාගෙ ඉස්සරහ ඉන්න එයාගෙ ඔම්මයි අප්පයි දැකලා පුදුම නොවුනම නෙමෙයි.
එයාලා කොරියා වලට හදිසියෙ ආවෙ ඇයි කියල තේරුන ජන්කුක් ගෙ මූනේ සතුටක් තිබුනෙ නෑ .

නම්ජූන් වගේම හැමෝම ජන්කුක් ගෙ දෙමව්පියෝ හදිසියේම එන්න හේතුව ගැන කල්පනා කරා.

" අනේ මගෙ බනී....
මට ඔයාව ගොඩක් මතක් උනා...
ඔයා දැන් ගොඩක් ලොකු වෙලා ඔම්මා ලගට එන්න ..."

ජන්කුක් ගෙ ඔම්මා ජන්කුක් ව දකින්නෙ ටික කාලෙකින් නිසා ජන්කුක් ව වැලදගන්න අත් ජන්කුක් ඉදිරියට කරා.

ජන්කුක් එයාගෙ ඔම්මාව වැලදගත්තේ ගොඩක් ආදරෙන්.

" අපේ කොල්ලා දැන් ගොඩක් ලොකු වෙලානේ..."

ජන්කුක් එයාගෙ අප්පාවත් වැදලගත්තෙ පොඩි ලමයෙක් වගේ.

" ඔහ් මේ ඉන්නෙ අපෙ කොල්ලො ටික...
මෙයාල මෙච්චර ඉක්මනින් ලොකු වෙලා කියල හිතාගන්නත් බෑ..."

ජන්කුක් ගෙ ඔම්මාවයි අප්පවයි වැදලගෙන ගෙදර ට එයාලව පිලිගත්ත කොල්ලො ටිකගෙ මූනේ නම් ලොකු සතුටක් තිබ්බෙ නෑ .

" ඔයාල ඔහොම ඉන්න මං බොන්න මොනා හරි ලෑස්ති කරන්නම්..."

ජින් කිචන් එකට ගියේ හැමෝටම මොනා හරි බොන්න ගේන්න.

" බනී බෝයී...
මොකද මේ මූනත් එක්ක ඇදිලා ගිහින් . අසනීපක්වත්ද..."

ජන්කුක් ගෙ ඔම්මාත් ජන්කුක් ගෙ මූනෙ වෙනස අදුරගෙන ඇහුවෙ ජන්කුක් ට උනද කියල බලන ගමන්.

" ආනී ඔම්මා...
ඊයේ සීතලේම නෑවා ඒකයි මේ..."

ජන්කුක් ඇග බේර ගන්න කියල දැම්මත් කොල්ලො ටිකට ජන්කුක් ගෙ බොරුව දැන් හොදට තේරිලා තිබුනා.

" ජූන් .... අපෙ පොඩි එකා කොහෙද.
ජිමිනා පේන්න නැත්තෙ ඇයි ..."

මිසිස් ජියෝන් අහපු දේ නිස කට්ටියගෙ මූනු අදුරු වෙලා ගියත් වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්න හැමෝම උත්සහා කරා.

" ජිමිනා උඩ රූම් එකෙ ඔමොනි. එයාගෙ හොදම යාලුවා අපි එක්ක ඉන්නෙ මෙහෙ එයාට අසනීප නිසා ජිමිනා ටේ ලග ..."

His Owner | TK x Jimin  ✅ | Completed |Where stories live. Discover now