42.

375 62 16
                                    

"හ් හියුන්ග් ...."

ජිමින් වගේම යුන්ගි ගැස්සිලා බැලුවේ රූම් එකට එකපාරටම දොර ඇරගෙන ආව කෙනා දිහා.

" අහ්ම්ම් මං පස්සෙ එන්නම් ....
වැරදි වෙලාවකද කොහෙද ඇවිත් තියෙන්නෙ...."

ඇතුලට ආව ජින් දැක්කේ යුන්ගිව බදාගෙන ඇග උඩ නැගලා ඉන්න ජිමින්ව.
ජින් අමුතු හිනාවක් දාලා එතනින් ඉක්මනින් යන්න ගියා.

ජිමින් ට එතකොට යි මතක් උනේ තාම එයා යුන්ගි ගෙ කරේ නැගලා ඉන්නෙ කියල .
ඉක්මනින් යුන්ගි ගෙ ඇගෙන් බිමට බැහැපු ජිමින් කදුලු පිහදගෙන බිම බලාගත්තේ ලැජ්ජාවෙන් රතු වෙලා.

" ආශ් ජිමිනා...
ඔහොම රතු වෙන්න එපා අයිසේ මට ත් හැගීම් දැනීම් තියනවා..."

යුන්ගි එහෙම කීවම ජිමින් ආයම ලැජ්ජාවෙන් රතු වුනේ යුන්ගි ලැජ්ජාවක් නැතුව ඒක ඔහේ කියල දැම්ම නිසා.
ජිමින් ඉක්මනින් යුන්ගි ගෙ කාමරෙන් එලියට දිව්වෙ යුන්ගි ජිමින් යන දිහා හිනා වෙලා බලන් ඉද්දි...



" අන්තිමට මං කොහොමහරි එයාට කීවා...
මගෙ ආදරෙ ගැන එයා දැනගත්තා...
කුමාවෝ ජිමිනා... තව කොච්චර කාලයක් මට මෙහෙම ඔයාගෙන් මගෙ හැගීම් හංගන් ඉන්න වෙයි ද කියල දැන් බය වෙන්න ඕනි නෑ...
දැන් මට හැංගි හැංගි ආදරෙ කරන්න ඕනි නෑ ඔයාගේ තීරණය මොකක් උනත් මං බාරගන්නවා...
අඩුම තරමෙ දැන් ඔයා දන්නවා...

මං ඔයාට ගොඩක් ආදරෙ යි කියල ජිමිනා..."



යුන්ගි වොශ් එකක් දාගන්න ගියේ සැහැල්ලු හුසමක් අරගෙන.
ජිමින් තාමත් කල්පනා කරන අතරෙම ටේගේ රූම් එකට ආවෙ ඊයේ ටේ බීලා නිදාගත්ත නිසා තාම නැගිටලා නැතුව ඇති කියල හිතලා.
ජිමින් හිතුව වගේම ටේගේ රූම් එකට එනකොට ටේ තවමත් නිදි.


" ටේ නැගිටින්න....
බ්‍රෙක්ෆස්ට් එක ගන්න යමු..."

ජිමින් ටේගේ ඔලුව අත ගාන ගමන් කතා කරේ ටේගේ ලගින් ඉදගන්න ගමන්.

" අහ්ම්ම්ම් මගෙ ඔලුව..."

ටේ ජිමින් කතා කරාම නැගිටල ඇදෙන් ඉදගත්තේ  ඔලුව අත් දෙකෙන්ම අල්ලගෙන.

" කවද ඉදලද තනියම බොන්න පුරුදු උනේ ටේ...
දැන් වොශ් එකක් දාගෙන පහලට එනවා.
කන මතයා වගේ බීලා මෙතන..."

His Owner | TK x Jimin  ✅ | Completed |Where stories live. Discover now