Introduction

345 37 2
                                    

2002 අප්‍රේල්..

හිමිදිරි අරුණෝදයේ ඈතින් පිහිටි කදු වළල්ල මැදින් ලා හිරු රැස් විහිදෙමින් අඳුරු වලාකුළු ඈතට පාවෙමින් අලුත් දවසක දොරටුවෙහි පියන් පත් කෙමින් කෙමින් විවර වුණේ සෑම කෙනෙකුගෙ ම සිත් වල නැවුම් බලාපොරොත්තුවක් , මිහිරි හැගුමක් , ආදරණීය මොහොතක් ඇති කරමින්..

හිරු රැස් දහරින් සිනිදු මල් කැකුළු පුබුදන අතරේ කුරුලු ගී නාද දසත පැතිරී ගියේ සැම සිත් සනසවන අයුරින්.. පිනි බිඳු බිමට වැටෙන්නට කලින් ගස් කොළන් අතර සෙල්ලම් අරද්දි පිනි බිඳු මතට වැරුණු හිරු එළියෙන් පිනිබිදු දිලිසුණේ මුතු කැට වගේ..

සුන්දර නිසසල පරිසරය සන්සුන් හැගීමක් නිර්මාණය කරන අතරතුර ඉල්සාන් ගම්මානයෙ විශාල ව්‍යාපාරිකයෙකු වූ කිම් මූ දල් ගේ සුවිශාල මන්දිරය තරමක් උස් බිමක මධ්‍යට වන්නට තනා තිබුණේ උදෑසන හිරු කිරණින් නිවස ම ආලෝකමත් වන අයුරිනි.. තුන් දෙනෙකුගෙන් යුතු කිම් පවුලේ එක ම උරුමක්කරු වූයේ කිම් මූ දල් පමණි...

කිම් මූ දල් දරුවන් තිදෙනෙකුගෙ පියකු වන නමුදු සැදෑ සමය තනිව ගෙවීමට සිදු වූයේ තමා බාල පුතු මෙලොව එළිය දකින විට තම ආදරණීය බිරිද ඔවුන්ගෙන් සමුගැනීම නිසායි.. තද ගති ඇති පුද්ගලයකු වූ ඔහු ගේ වැඩිමහල් පුතා අන් අය සමග සුහද ඇසුරක් නැති සෑම විට ම තනියෙන් සිටීම කැමති නිශ්ශබ්ද කෙනෙකු විය..

දෙවෙනි පුතා තම පියාට පමණක් කීකරු අහංකාර සෑම දෙයක් ම තමන්ට පමණක් තිබිය යුතු යැයි සිතන කෙනෙකු වුයේ ඔහු ව තේරුම් ගත් අයෙකු ඔහු ළග නොසිටි නිසා බව කවුරුත් දැන සිටියේ නැත... වැඩිමහල් සොහොයුරන් දෙදෙනාට වඩා අවුරුදු පහළොවක් පමණ බාල පුතා සැම කෙනෙකුගෙ ම ආදරේ ලබා ගැනීමට සමත් වූවත් තම දෙවෙනි සොහොයුරාගෙ ආදරය ලබා ගැනීමට සමත් වූයේ නැත..

වෙන් වෙන් ව හැදී වැඩුණ ඔවුන් අතර සමීප සබදතාවක් නොතිබුණ බව දැන සිටියේ පවුලේ මෙන් ම නිවසේ සේවය කරන පිරිස පමණි.. කිම් මූ දල් ගේ වැඩිමහල් සොහොයුරිය අතුරුදන් වීමෙන් පසු පවුලේ උරුමය ඔහුට ලැබුණ ද ඔහු සිටියේ පසු තැවීමකිනි... තම බාල සොහොයුරිය යුග දිවිය ඇරඹුව ද දරුවන් නොමැති වීම නිසා ඇය තම සැමියා සමග විදේශ ගත වීමෙන් පසු කිම් මූ දල් වෙත පරම්පරාවෙන් හිමි වූ වගකීම භාර ගන්න සිදු වූයේ තම අසල සිටින රකුසා නොහදුනා ගෙන ය..

සිහින විජිතය ( Complete )Where stories live. Discover now