Chapter 02

112 21 3
                                    

..............

    අමුතු කෙනෙක්.. අනේ මං දා.. ඔහ්.. කැබ් එකක්...කියන ගමන් ඇය ඉක්මන් කර ඔහු ළඟින් දිව යන අතරතුර ඔහු ඇය දෙස හැරි බලන ගමන්...

  න්..නූනා... හිතින් මිමුණුවේ දෑස් විශාල කරගෙන ය... ඔහු තම අඩි ඉක්මන් කරලා ඇය ළගට යන්නට උත්සාහ දැරුවත් ඇය නැගි කුලී රථය වෙගයෙන් ධාවනය වන්නට විය...

  " නැහැ... එයා නැහැ.. නූනා දැන් මං ළග නෑ.. මට වැරදෙන්න ඇති.. මේ සේර ම මං නිසා.. නූනා බොගොෂිප්පෝ... " ඔහු සිතුවේ ඈතට ඇදෙන රථ දෙස බලමින්...

ගුවන් තොටුපළේ සිට තම නිවහනට පැමිණි ඇය තම බඩු බාහිරාදිය නිවස තුළට ගෙන ගොස් පිළිවෙලකට තබා ඇය ද උණුසුම් වතුරින් තම ගත සෝදාගෙන සැදෑ යාමයේ තෙත බරිත වෙමින් තිබුණු පදික වේදිකාව මත ඇවිද ගියේ හිත තුළ බලාපොරොත්තු ගොන්නක් කර බැද ගෙන ය.. ඇදිරි වැටෙන මොහොත ලං ලං වෙනවත් සමග ම ඇය නැවතත් ඇගේ නිවහන වෙත ලං විය..

  දණිහිස තෙක් දික් වූ අළු පාට තද සායට කළු පාට අත් දිග බ්ලවුසයක් ඇදි ජින් ඒ උරහිසට වඩා අගල් තුන හතරක් දිග කොණ්ඩය කඩා හැලෙන ආකාරය පීරාගෙන තම මේසය උඩ තිබුණු තම අත් බෑගය වගේ ම ජංගම දුරකථනය අතට රැගෙන ඉක්මනින් බස් නැවතුම්පොළ වෙතට ගියේ තම ප්‍රථම රාජකාරී දිනයේ පරක්කු නොවි සිටිමට සිතූ නිසාවෙනි..

  මහල් හැට හතරකින් සමන්විත විශාල කාර්‍යාල ගොඩනැගිල්ල තුළට පැමිණි ඇය වටපිට බලනවා දුටු එක් සේවිකාවත් ඇය වෙත පැමිණ..

  Can I help you..

  ඔහ්..දේ.. මං අලුතින් වැඩට ආවේ... මට දැන ගන්න පුලුවන් ද මං යන්න ඕනි කොතනට ද කියලා..

  Mr. Ye Chon ඉන්නවා තුන් වෙනි කැබින් එකේ ඔයා එතනට යන්න...

  කුමාවෝ.. ජින් ඒ ආචාර කරලා කියමින් විදුලි සෝපානය වෙත පියමන් කරා.. විනාඩි තුනක පමණ කෙටි කාලයකින් Mr. Ye chon වෙත පැමිනි ඇය..

  සමාවෙන්න ..

  ඔව්.. එන්න ඇතුළට..

  කුමාවෝ.. කියන ගමන් ඇතුළට ජින් ඒ ඇයගෙ අත රැදි ලියුම් කවරය ඔහු අත තැබුවා..

සිහින විජිතය ( Complete )Where stories live. Discover now