ජිමින්ගේ හිතේ සැකේ තහවුරු කරලා ටේගේ ගෙදරින් පලමු වෙඩි මුරේ තිබ්බා.
හැබැයි ඒක කෙලින්ම තිබ්බ වෙඩිමුරයක් නෙමේ..
ටේට ගෙදර එන්න කිව්ව මිස්ටර් කිම්, ටේ එනකන් බලන් හිටියේ නොඉවසිල්ලෙන්...
අද එයා හිටියේ කියාගන්න බැරි තරම් කේන්තියකින් වගෙම වෛරයකින්...
"අප්පා මන් ආවා..."
ටේගේ කට හඩ මැන්ශන් එක ඇතුලෙන් ඇහෙනවත් එක්කම එයා ලගට ගිය මිස්ටර් කිම් ටේගේ උඩ ඉදන් පහලට හොද බැල්මක් දැම්මා.
"ඇයි අප්පා..මොකක් හරි ප්රශ්නයක්ද.."
හිතේ තීන කලබලකාරි ගතිය වැහෙන්න ලොකු හිනාවක් ගත්ත ටේටේ එහෙම අහද්දි මිස්ටර් කිම් එයාගේ ඔලුව දෙපැත්තට වැනුවා..
"අපේ ගැන්ග් එකේ ලීඩර්ව පාර්ක්ගේ ගැන්ග් එකෙන් මරා දාලා..."
ඒක ඇහුනගමන් ටේගේ මුලු ලෝකෙම හෙල්ලිලා ගියේ ඊලගට එයාගේ අප්පා කියන්නේ මොකක්ද කියලා එයා හොදාකාරවම දන්න නිසයි..
"අපි එහෙනම් යුන්ගි හියුන්ග්ව ලීඩර් කරමු අප්පා..."
"ඒක හරියන්නේ නෑ...දැන් ඔයාට ගැන්ග් එක බාරගන්න කාලේ හරි ටේ."
"ඒත්..."
"පාර්ක් අපිට කල හැමදෙයක් වෙනුවෙන්ම ඔයා පලිගන්න ඕනි ටේ..දැන් තමා ඔයා ටීම් එක බාරගන්න ඕනි හරිම කාලේ.."
ජිමින් එක්ක එකතුවෙලා ජීවිතේ විදින්න අරන් මාසහතරක් සම්පූර්න වෙන්න කලින් ඒ ජීවිතේට ටාටා බායි කියලා සමුදෙන්න කාලේ හරි කියලා තේරුන් යද්දි ටේටේ අඩියක් පස්සට තිබ්බා..
"මට තව කාලේ ඕනේ අප්පා..මන් හරියට මගේ ඉගෙනීමේවැඩ ඉවර කරගන්න ඕනී"
"හරියට ඉගෙන ගන්න ඕනි නම් එක එක්කෙනාගේ අපාර්ට්මන්ට් වලට ගිහින් නයිට් ගහන්නේ මොකද..."
"අප්පා..! මන් එහෙම ගියේ මගේ ෆ්රී ටයිම් එකේදි මිසක් ඉගෙන ගන්න වෙලාවල් වලදි නෙමෙයි.."
"ඒවා මන් දන්නෙ නෑ..මට මගේ ගැන්ග් එක අමාරුවේ දාගෙන ඔයාවත් අමාරුවේ දාන්න බෑ ටේ.."
"ප්ලීස් අප්පා,මට තව කාලේ ඕනේ.එතකල් යුන්ගි හියුන්ග්ට පුලුවන් ටීම් එක හැන්ඩ්ල් කරන්න.එයා ගොඩක් දක්ෂ කෙනෙක්නේ."
"එයාට වඩා ඔයා දක්ෂයි ටේ..."
"ප්ලීස් අප්පා ප්ලීස්...."
"හරි..මන් ඔයාට තව පොඩිම පොඩි කාලයක් දෙන්නම්..ඊට පස්සේ ඔයා ඉගෙන ගන්න අතරෙදි හරි ටීම් එකේ වැඩබාර අරන් කරන්න ඕනි තේරුනාද"
"දේ අප්පා.."
ටේ එයාගේ ඔලුව නමන ගමන් එහෙම කියලා එයාගේ රූම් එකට ගිහින් ඩෝර් එක වහගත්තා.
-----------------------------------------------------------
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
