04. Do Not Cought

524 117 10
                                    

ඒ සමගම කොරිඩෝව ඈතින් ශබ්දයක් ඇසෙද්දී දෙදෙනාම වහා එකිනෙකාගෙන් ඈත්ව ඒ දෙසට බැල්මක් හෙළුවා. සිකියුරිටි අන්කල් වෙනත් දිශාවකට තම විදුලිපන්දම දික්කරගෙන යන අයුරු දුටු ජන්ග්කුක් සැනසුම් සුසුමක් හෙලද්දී නන්නාදුනන පුද්ගලයා ජන්ග්කූක්ගේ මුලු ඇග දෙසටම බැල්මක් දැම්මේ මේ අතරෙයි.

"පංතිය පටන් ගන්න යන්නේ..  පිළිවෙළකට ලෑස්තිවෙලා එන්න බේබි බෝයි..."
ජන්ග්කුක්ට පිටුපාලා අදුරු කොරිඩෝව දිගේ ඔහු නොපෙනී යන දෙස බලා සිටි ජන්ග්කුක් තමා දෙස බැල්මක් හෙළුවේ ඉන් පසුවයි.

"හත්වලාමේ ෂර්ට් එක හොදටම පොඩිවෙලා..."
තමන්ටම මුමුණාගත් ජන්ග්කුක් කමිසයේ ගැලවුණු බොත්තම් පිළිවෙකට දමාගෙන කමිසයේ පොඩිවුණු තැන් අතින් ගසා පිළිවෙළකට සකස් කරගෙන වහා ගියේ තමා ඇකඩමියට ඇතුලු වූ තාප්ප කණ්ඩිය සොයාගෙනයි.

ජන්ග්කුක් ඈත එනු දුටු තාප්පයට නැග හුන් ජින් ඔහුට අත වැනුවා. තාප්පයට නැගීම සදහා ජින් ඉණිමගක්ද සොයාගෙන තිබුණා.

"මොකෝ බන් ආපහු ආවේ? තනියම යන්න බය හිතුණද හොල්මනක්වත් දකී කියලා?"
විහිලුවෙන් ජන්ග්කුක් එසේ විමසමින් ඉණිමගින් තාප්පයට නැග්ගා.

"අනේ පලයන් යන්න..."
ජින් ජන්ග්කුක්ගේ විහිලුවට කට ඇද කරන් උත්තර දෙද්දී ජන්ග්කුක් සිනහ වුණා. දෙදෙනාම එකතුව ඉණිමග ඔසවා තාප්පයේ අනික් පැත්තට හේත්තු කර ඉණිමග දිගේ තාප්පය බහින්නට වුණා.

"උඹට කොහෙන්ද බන් මේක?"
ඉණිමගේ එක් කොනක් ඔසවා ගනිමින් ජන්ග්කුක් විමසුවා.

"ගෙදරක මඩුවකට හේත්තු කරලා තියෙද්දියි දැක්කේ... යනගමන් තියන් යන්- ඒක නෙමේ මොකෝ ජන්ග්කුක් කොණ්ඩෙත් අවුල් කරගෙන- ෂර්ට් එකත් පොඩිවෙලා-"
ජන්ග්කුක්ගේ පිටුපසින් ඉණිමගේ අනිත් කොන ඔසවාගත් ජින් එලෙස විමසද්දී ජන්ග්කුක් තම නිදහස් අතින් නැවත කොණ්ඩය සකසා ගන්නට වුණා.

"සිකියුරිටිවත් අහු වුණාද උඹ?"

"පිස්සුද හලෝ උන්දැට අහුවුණේ නම් නෑ... ඒත් ඇකඩමියේ අමතර ක්ලාස් එකට ඉන්න ළමයෙක්ට නම් අහුවුණා..."
සිද්ධිය මතක් කරමින් ජන්ග්කුක්ගේ කම්මුල් රෝස පැහැ වන බව ජන්ග්කුක්ගේ පිටුපසින් පුදුමයෙන් ජන්ග්කුක් දෙස බලා සිටි ජින්ට නම් දැකගන්නට හැකියාවක් නම් ලැබුන් නෑ-

ඒ අතර රෝස්විල් ඇකඩමියේ පැත්තක වෙන්නට තිබූ ගරා වැටුණු ගොඩනැගිල්ලක වූ පංති කාමරයකට ජිමින් ඇතුල් වූයේ හදිසියෙනි. ඔහුගේ කොණ්ඩයද හොදටම අවුල් වී දාඩියෙන් තරමක් තෙත් වී තිබුණි.


___________________________________

පාඨක ජනතාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්


තව කොටස් දෙකයි ඒක හෙට දෙන්නම්❤

Bye
Sarangeo💚💜

The Ghost Proof |TK|✔Where stories live. Discover now